බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ මිද්දෙණියේ සිදුකළ වෙඩි තැබීමෙන් 39 හැවිරිදි පියා සහ 06 හැවිරිදි සිඟිති දියණිය මරුට… පුතාටත් වෙඩි වැදී රෝහලේ….

by editor
පෙබරවාරි 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

තංගල්ල – මිද්දෙණිය – කඩේවත්ත හන්දියේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් වෙඩි වැදී තුවාල ලද ඔහුගේ හය හැවිරිදි දියණිය ද මියගොස් තිබේ. බරපතල තුවාල ලද 09 හැවිරිදි දරුවා මේ වනවිට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ගනිමින් ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

තංගල්ල මිද්දෙණිය පොලිස් වසමට අයත් කඩේවත්ත ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රී සිදු කළ වෙඩි තැබීමකින් පියෙකු හා දියණියක ජීවිතක්ෂයට පත්ව පුත්‍රයා බරපතල තුවාල ලැබුවේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිද්දෙණිය ගල්පොත්තයාය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අරුණ විදාන ගමගේ නොහොත් “කජ්ජා” නැමැත්තා සහ ඔහුගේ 06 හැවිරිදි ඩබ්ලිව් .ජී.අහස්‍යා නැමති දියණියයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා පෙරේදා (18) රාත්‍රී 10.15ට පමණ සිය පුත්‍රයා හා දියණිය සමඟ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මිද්දෙණිය කඩේවත්ත ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් ඔහුට වෙඩි තබා ඇත. වෙඩි වැදීමෙන් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මිය ගිය අතර සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහුගේ 06 හැවිරිදි දියණිය ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කෙරුණු අතර, 09 හැවිරිදි පුත්‍රයා ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණි .

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එහිදී බරපතළ තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණු 06 හැවිරිදි දියණියද මියගොස් ඇති අතර සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර සිටින 09 හැවිරිදි පුත්‍රයාද දැඩි සත්කාර ඒකකය ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

මෙම වෙඩි තැබීම ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳ ද විදෙස් ගතව සිටින අතර ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් දරු දෙදෙනා සමග නිවසේ සිට තිබේ.

සිද්දිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය විසින් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු වලස්මුල්ල මහේස්ත්‍රාත්වරිය සිද්දිය වූ ස්ථානයට පැමිණ අද (19)පෙරවරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළාය.

සිරුරු පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත් හා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් මහේස්ත්‍රාත්වරිය මිද්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළාය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීතිඥයෙක් ලෙස වෙස්වලාගෙන පැමිණි ඝාතකයෙක් උසාවිය තුළ දී ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා මරා දමයි!

Next Post

ආපදා කළමනාකරණයේ නව බලාපොරොත්තුව!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.