ඊයේ දිනය තුළ කොවිඩ් මරණ වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පැවසූ බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
මරණ 39ක් ඊයේ වාර්තා කළ රජය පැවසුවේ ඒ මරණ 39 මැයි 17 සිට ජූනි 01 දා දක්වා වාර්තා වූ බවය. රජය වාර්තා කරන ආකාරයට මේ වනවිට සිදුවී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 1566කි.
ඊයේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 3306ක් රජය විසින් නිවේදනය කළේය. මේ වනවිට වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ අසූ පන් දහස් නවසිය විසි දෙකකි.
මේ පිළිබඳ රජය නිකුත් කර ඇති නිවේදන පහත දැක්වේ.