මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් ඊයේ (26) පැවැත්වුණු ජන රැලියට එල්ල වූ කඳුලු ගෑස් හා ජල ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ සමානුපාතික ලැයිස්තුවේ අපේක්ෂක නිමල් අමරසිරි වන අතර මිය යන විට ඔහු 61 වැනි වියේ පසු විය.
ඔහු ශ්‍රී ලංකා වැවිලි සංස්ථාවේ හිටපු පරිපාලන නිලධාරියෙකි.
ජාතික ජන බලවේගය සංවිධානය කර තිබූ .විරෝධය කොළඹට ජන රැලියට එල්ල වු ජල හා කදුළු ගෑස් ප්‍රහාරවලින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ තුවාල ලැබූහ.
මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්වුණු අතර විරෝධතාකරුවන් නෙළුම් පොකුණ දෙස සිට පාගමනින් පුරහල දෙසට ගමන් කිරීමත් සමග පොලීසිය ඔවුන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
මෙම ප්‍රහාරය සම්බන්ධව ජතික ජන බලවේගය වෙනුවෙන් ටිල්වින් සිල්වා කළ මාධ්‍ය ප්‍රකාශය…
https://www.facebook.com/anurakumara/videos/147949041142875