නවගමවු පොලිස් වසමේ ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානය අඩනිරුවත් කාන්තාවන් කාන්තාවන් දෙදෙනෙක් හා අඩනිරුවතින් සිටි චීවර ධාරියෙක් ගම්වැසියන් පිරිසකට හසුවීමෙන් පසු ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
මින් එක් සැකකරුවෙකු ඊයේ (07) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් 07 දෙනා අද (08) උදෑසන නවගමවු පොලිස් ස්ථානයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කරයි.
ඔවුන් එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, භික්ෂුවකට හා කාන්තාවන් දෙදෙනකුට පහරදී ලිංගික හිරිහැරයක් සිදුකිරීම සම්බන්ධයෙනි.
මේ අතර සිද්ධියට අදාළ වීඩියෝ දර්ශනය කිසියම් පුද්ගලයෙකු විසින් සමාජා මාධ්‍ය වෙත මුදාහැර ඇති බවත් ඒ පිළිබඳව ද විමර්ශන කටයුතු සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.