සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉසුරුපාය ලඟ උද්ඝෝෂණයේ හඬ රටට ඇසේ… ගුරු අධ්‍යාපනඥයින් සමග අධ්‍යාපන ඇමති හෙට සාකච්ඡාවක…

by editor
නොවැම්බර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අද (08) උදේ වරුවේ පුරා පැය 03ක්  අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මහා මාර්ගය  අවහිර කරමින්  ගුරු අධ්‍යාපනඥයන් විසින් දියත් කළ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයෙන් පසු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් හෙට (09) දහවල් 12ට  සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ  වෘත්තීය සංගමය වෙත විශේෂ සාකච්ඡාවක් ලබා දී තිබේ.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ සෞභාග්‍යයේ දැක්මට අනුව ජාතික ගුරු අධ්‍යාපන විද්‍යා පීඨ පිළිගත් විශ්වවිද්‍යාල පද්ධතියට එක් කරගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ගුණාත්මක ගුරුවරයෙක් නිර්මාණය කිරීමට අවශ්‍ය පරිසරය සාදාදෙන ඉල්ලමින් විද්‍යාපීඨ 19ක සහ ගුරු විද්‍යාල 8ක හා ගුරු වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථාන 112ක සේවය කරන පීඨාධිපතිවරුන් ඇතුළු සියලුම ගුරු අධ්‍යාපනඥ නිලධාරීහු අද ( 08) කොළඹට පැමිණ මෙම විරෝධතා ව්‍යාපාරය දියත් කළහ

පාර්ලිමේන්තු වටරවුම අසල…

ගුරු අධ්‍යාපනඥ සේවයේ වෘත්තිකයන්  අද     උදේ  8.30ට පමණ පාර්ලිමේන්තු වටරවුම අසලින් විරෝධතාවය අරඹා තිබිණි.  එතැන  උද්ඝෝෂණයක    නිරත වූ ඔවුහු අනතුරුව එතැන සිට පා ගමනින් විරෝධතා පුවරු රැගෙන ඉසුරුපාය දක්වා මහ වැසි මැද ගමන් කළහ.  ඉසුරුපාය අසල විරෝධතා ව්‍යාපාරය ආරම්භ වීමත් සමග ප්‍රධාන දොරටුව අගුළු ලා වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබුණු බව වාර්තා විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුරුව ඉසුරුපාය අසලින් ප්‍රධාන මාර්ගය අවහිර කර දියත් කළ පැය 03ක විරෝධතාවයෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශ  ලේකම්  මහාචාර්ය කපිල ගුණවර්ධන සමග    සාකච්ඡාවකට වෘත්තීය සමිති නායකත්වයට අවකාශ සැලසිනි. පැයකට අධික කාලයක් කළ සාකච්ඡාවෙන් අනතුරුව දෙපාර්ශවය අතර අවබෝධාත්මක එකඟතාවයක් ඇති වූ බව වෘත්තීය සමිති නායකත්වය ප්‍රකාශ කළේය.

.තමන් රජයෙන් ඉල්ලා සිටින්නේ වැටුප් වැඩිවීම් හෝ වෙනත් වරදාන නොව,  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම්වරයාගේ පටු  අවශ්‍යතාවය මත රජයේ ප්‍රතිපත්තිය වෙනස් කරමින්  අවරගණයේ  ආයතනයක් වූ  ජාතික අධ්‍යාපන ආයතනය යටතට  ගුරු අධ්‍යාපන විද්‍යාපීඨ අනුයුක්ත නොකර විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ විධිමත් විශ්විද්‍යාලයක් පිටුවන ලෙස බව සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ  වෘත්තීය සංගමය ප්‍රකාශ කළේය.

මහ මග හරස් කරමින්…

අධ්‍යාපන අමාත්‍යවරු දෙදෙනෙක් යටතේ පවත්වාගෙන පැමිණි සාධනීය සාකච්ඡා මාලාවකින් අනතුරුව  ගුරු විශ්වවිද්‍යාල පිහිටුවීම විෂයෙහි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හරය  ක්‍රියාත්මක කිරීම සඳහා හිටපු අධ්‍යාපන ඇමති ජී එල් පීරිස්   විසින් 2020 .12 .14   දින ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක  කරන ලෙස ඉල්ලා සිටින්නට තමන්ට මහ මගට බැස සටන් කිරීමට සිදුවී ඇති බව ඔවුහු කීහ.

මග වසා දැමූ අයුරු…

“ කෙසේ වෙතත් හෙට අධ්‍යාපන අමාත්‍යාවරයා සමග අපට සාකච්ඡා වාරයක් ලැබී තියෙනවා. අප දන්නවා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ රටේ ඉන්න පරිණත දේශපාලඥයෙක්.  සාධනීය වෘත්තීය අරගල ගණනක් ජනතාව සහ රට වෙනුවෙන් ජයග්‍රහණය කර දෙන්නට කැප වුණු ඉතිහාසයක් සහිත ප්‍රභූ වාමාංශක දේශපාලන නායකයෙක්.  අප මේ ඉල්ලා සිටින්නෙ එක් එක් පුද්ගලයන්ගේ විකෘති පටු අරමුණුවලට ඉඩ නොදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගතය  ක්‍රියාත්මක කරන්න කියන යෝජනාව. ඉන් මේ රටේ අනාගතය ශක්තිමත් වෙනවා මිසක් රටට, රටේ අධ්‍යාපනයට කිසිම අගතියක් වෙන්නෙ නෑ. “

“ජාතික අධ්‍යාපන ආයතනය වගේ දුර්වල ආයතනයක්  යටතට ගුරු අධ්‍යාපන විද්‍යා පීඨ පත් කර ගුරු අධ්‍යාපනය විනාශ නොකර ගුණාත්මක ගුරුවරයෙක් බිහි කරගත හැකි පිළිගත් විශ්විද්‍යාල පදනමක් මත ගුරු විශ්විද්‍යාලය පිහිටුවන්න කියන  කාරණාව අප දිගින් දිගටම ඉල්ලා සිටියා.   අප විශ්වාස කරනවා එතුමා මේ කරුණුවලට සාධනීය ප්‍රතිචාර දක්වයි කියලා.“ සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ  වෘත්තීය සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සඳ හිරු සෑයේ  චූඩාමාණිඛ්‍යය  තැන්පත් කෙරේ….

Next Post

හතරවන කොවිඩ් රැල්ල ඇතිවන හැටි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.