-
තනතුර ප්‍රතික්ෂේප කළා… විවේකීව ග්‍රන්ථකරණයේ යෙදෙනවා…
-
සංවර්ධනය වෙමින් පවතින තත්වයෙන් මිදෙන්න මගෙ දායකත්වය දෙන්න හැදුවා… ඒත් එය ප්‍රයෝජනවත් වුනේ නෑ..
-
පවතින දේශපාලනික පසුබිම සහ මෙරට සමාජයීය ආකල්ප නිසා ලෝකය අප පසුකර යනවා…
මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කළ මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරක් සඳහා ආරාධනය කර තිබේ.
එම අරමුදලේ විකල්ප ශ්‍රි ලංකා විධායක අධ්‍යක්ෂවරයා ලෙස ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි කාර්යාලයේ කටයුතු කරන ලෙසත් මහ බැංකු අධිපති ධුරයෙන් සමු ගත් පසුව එය භාර ගන්නා ලෙසත් අරමුදලේ බලධාරීන් ඔහුට ආරාධනය කර තිබේ.
කෙසේ වුවද ඉහළ වැටුපක් හිමි මෙම තනතුර තමන් ප්‍රතික්ෂේප කළ බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් .ඩී ලක්ෂ්මන් ඊයේ (10) සඳහන් කළ අතර තමන් ඉදිරි කාලයේ විවේකීව ග්‍රන්ථකරණයේ නියැලීමට අදහස් කරගෙන සිටින බව සඳහන් කළේය.
ශ්‍රි ලංකාව “සංවර්ධනය වෙමින් පවතින“ යන කාණ්ඩයෙන් ඉහළට දැමීම සඳහා තමන්ට ද ද සැලකිය යුතු දායකත්වයක් දැරිය හැකි බවට විශ්වාස කරමින් ඒ සඳහා උත්සාහ ගත් බවත් පවතින දේශපාලනික පසුබිම සහ මෙරට සමාජයීය ආකල්ප නිසා රටක් ලෙස අපට පවත්නා ක්‍රමයේ වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව වටහා ගත් බව ද ඔහු ඊයේ සිය තනතුරන් ඉවත් වන අවස්ථාවේදී මාධ්‍ය හමුවේ සඳහන් කළේය.
රට එවැනි දිශානතියකට ගමන් කරවන ප්‍රතිපත්තිමය රාමුවක් ගොඩ නැගීමට පවතින පක්ෂ දේශපාලන ක්‍රමයත් මෙරට පවතින සමාජයීය ආකල්පත් හරස් වන බව පෙන්වා දුන් මහාචාර්ය ලක්ෂ්මන් මේ තත්ත්වය හේතුවෙන් අපට පසුපසින් සිටි රටවල් ගණනාවක් මේ වනවිට අප පසුකර යමින් සිටින බව සඳහන් කළේය.