රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ලබන සඳුදා සිය මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යැවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ලබන බදාදා මහ බැංකු අධිපති ධුරයේ වැඩ බාර ගැනීම සඳහා මෙලෙස රාජ්‍ය අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම යොමු කිරීමට නියමිත බව එම වාර්තා සඳහන් කරයි.
මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරන අජිත් නිවාඩ් කබ්රාල්ට කැබිනට් අමාත්‍යවරයකුට හිමිවන වරප්‍රසාද සහ බලතල හිමි වන බව සඳහන් වන අතර ඊට අදාල කටයුතුද මේ වනවිට සිදුව ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.