නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම ධුරයෙන් ඉවත්නොවීමට තීරණ කර ඇත.
ඔහු පසුගිය 05 දා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යවා තිබුණත් ජනාධිපතිවරයා එය පිළිගත්තේ නැත.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය පැවසුවේ කොන්දේසි දෙකක් යටතේ මෙම තීරණය තමන් ගත බවයි.
එම පළමු කොන්දේසිය ලෙස රංජිත් සියඹලාපිටිය කීවේ තමන් මෙම අප්‍රේල් මාසය සඳහා පමණක් එම ධුරයේ රැඳී සිටින බවය.
තමන් ඉල්ලා අස්වීම භාරදුන් අප්‍රේල් 05 වනදායින් පසුව නියෝජ්‍ය කතානායක ධුරයට හිමි වරප්‍රසාද කිසිවක් භාවිත නොකිරීම ඔහුගේ දෙවන කොන්දේසියයි.