දිනසේන රතුගමගේ –
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නව නායකත්වයට පත් කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීතරන් මන්ත්‍රීවරයා කිළිනොච්චියට පැමිණි වහාම කිළිනොච්චියේ කනකපුරම් කොටි සුසානභූමිය වෙත ගොස් 21 දා මියගිය කොටි සාමාජිකයන් සමරමින් නව ධූරයේ සිය දේශපාලන කටයුතු ආරම්භ කළේය.
ශ්‍රීතරන් මන්ත්‍රීවරයා සමග ඔහුගේ හිතවතුන් විශල පිරිසක්ද කොටි සොහොන් භූමිය වෙත ගොස් ඉටිපන්දම් හා පහන් දල්වා මියගිය කොටි සාමාජිකයින් සිහිපත් කොට තිබේ.
අනතුරුව ඔහු කිළිනොච්චිය සිද්ධි විනයාගර් කෝවිලට ගොස් දෙවියන් වැද පුදා ආශිර්වාද ලබා ගත් අතර එම ආගමික අවස්ථාව ශ්‍රීතරන් මන්ත්‍රීවරයාගේ හිතවතුන් විසින් සංවිධානය කොට තිබුණි.







