ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්න තැනක කිසිම තොරතුරක් නොදැන සිටි ඉෂාරා සෙව්වන්දි ගැන සියලුම තොරතුරු කෙහෙල්බද්දර පද්මේ හෙළි කළ හැටි…

by editor
ඔක්තෝබර් 15, 2025
in පුවත්, සමාජ
Kehelbaddara_Padme_
Share on FacebookShare on Twitter
  • පාතාල කෙරුමන් කියන උන් පස්සේ යන ඇම්බැට්ටයින්ට අන්තිමට වෙන වැඩේ ගැන දැනගන්න කියවන්න…

ගණේමුල්ල සංජීවගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධානම සැකකාරියකවන ඉෂාරා සෙව්වන්දි සම්බන්ධව නිශ්චිත තොරතුරක් නොදැන මං මුලා වී සිටි විමර්ශන අංශ වෙත ඇය පිළිබඳ සියලුම තොරතුරු හෙළිදරවු කර ඇත්තේ දැනට අත් අඩංගුවේ පසුවන  කෙහෙල්බද්දර පද්මේ විසින්   බව විමර්ශන අංශ අනාවරණය කරයි.  

ග‍ණේමුල්ලේ සංජීවගේ ඝාතනය විදේශගතව සිටිමින් එකල මෙහෙයවූ බව කියැවුණේ කෙ‍ෙහල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම විසිනි. ‍‍ කෙහල්බද්දර පද්මේ ඇතුළු පාතාල අපරාධකරුවන් 05 දෙනෙක් ඉන්දුනීසියාවේ දී කළ මෙහෙයුමකින් මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ගණේමුල්ලේ සංජීව ඝාතනය ඇතුළු ඝාතන රැසක තොරතුරු හෙළිකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවත්, බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයත් සමත් විය.

පද්මේ විසින් හෙළි කරන ලද තොරතුරු අනුව ඔවුන් ග‍ණේමුල්ලේ සංජීවගේ ඝාතනයෙන් දින කිහිපයකට පසු ඉෂාරාව ඉන්දියාවට ගෙන්වා ගෙන තිබේ. බව ප්‍රශ්න කිරීම් හමුවේ කෙ‍ෙහල්බද්දර පද්මේ හෙළි කර ඇත්තේ ඇය ඉන්දියාවට ගෙන්වා ගත්තේ බෝට්ටුවකින් බවය. ඉන්දියා‍වේ කෙටි කාලයක් රඳවා තබාගෙන දේශ සීමා පන්නමින් ඇයව නේපාලයට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ද කෙහෙල්බද්දර පද්මේ විසින් හෙළිකර තිබුණි. සැලසුම වී තිබී ඇත්තේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් ඇයව නේපාලයේ සිට යුරෝපීය රටකට පැන්නීමය. ඊට අවශ්‍ය කටයුතු රැසක් කෙහෙල්බද්දර පද්මේ විසින් විශාල මුදලක් වැය කරමින් සකස්කර තිබුණත් ඔහු ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගැනීමත් සමඟ ඒ සියල්ල ඇනහිට ඇත.

ඉෂාරා සෙව්වන්දි ඇතුළු කිහිප දෙ‍ෙනක් ඒ වන විටත් නේපාලයේ කොටුවී සිටින බව කෙහෙල්බද්දර පද්මේ විසින් හෙළිකිරීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පිරිස කොටුකර ගැනීමට ජාත්‍යන්තර පොලීසියේද සහාය ඇතිව නේපාල පොලීසි‍යෙන් සහාය ඉල්ලා තිබේ.

අනතුරුව කෙහෙල්බද්දර පද්මෙ‍ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවූ තොරතුරු මත ඉෂාරා සෙව්වන්දි සැඟව සිටින ස්ථානය ගැන තොරතුරු අනාවරණය කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ බවට නේපාල පොලීසිය දැනුම්වත් කිරීමටද පියවර ගෙන තිබුණි. ඒ අනුව ඉෂාරා සෙව්වන්දි නිශ්චිත ලෙසම කත්මණ්ඩු සිට කිලෝ මීටර් 15 පමණ ඈත ප්‍රදේශයක තට්ටු නිවාස සංකීර්ණයක නවාතැන් ගෙන සිටින බව නේපාල පොලීසි‍යේද සහාය ඇතිව තහවුරු කරගෙන ඇත.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් නේපාලය බලා ඉකුත් සෙනසුරාදා ගමන්කර ඇත්තේ ඒ අනුවය. ඉෂාරා සෙව්වන්දි කොටුකර ගැනීමේ රහස් මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ ඇය ඒ වන විටත් රැඳී සිටි ස්ථානයෙන් පිටතට ගෙන්වාගෙනය. එම මෙ‍ෙහයුම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ද මෙරට සිට සම්බන්ධව සිටීම විශේෂත්වයකි.

එම මෙ‍ෙහයුමට සමගාමීව යම් පුද්ගලයෙකුගෙන් ඉෂාරා සෙව්වන්දිට ලද දුරකතන ඇමතුමකට අනුව ඇය නවාතැන් ගෙන සිටි බව කියැවෙන තට්ටු නිවාසයෙන් එළියට විත් මහාමාර්ගයට පැමිණි අවස්ථාවේ දී නේපාල පොලීසිය ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.   එම ස්ථානයේ රොහාන් ඕලුගලත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාත් සිට ඇති බව සඳහන්ය. ඔවුන් දෙදෙනා සිදුකර ඇත්තේ  ඉෂාරා සෙව්වන්දිව හඳුනා‍ ගැනීමය.   එහි දී ඇ‍ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී හෙළිවූ තොරතුරු මත නේපාල‍‍යේ දී ඇයට රැකවරණය ලබා දුන් පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගෙන ඇත. ඔහු යාපනයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇගෙන් කළ ප්‍රශ්න කිරීමේදීත් කෙහෙල්බද්දර පද්මේ විසින් හෙළිකර තිබුණු තොරතුරුත් පදනම් කරගෙන තවත් ස්ථාන දෙකක කළ වැටලීමේ දී සෙසු සැකකරුවන් 04 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් අතරින් ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන නිකුත් කර තිබෙන්නේ ඉෂාරා සෙව්වන්දිට පමණක් බැවින් ඇයව භාරගෙන මෙරටට රැගෙන ඒමට නිලධාරීන් නේපාලයට ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් –

ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ පරීක්ෂා කිරීමේ දී ඇය සතුව තිබී වි‍දෙස් ගමන් බලපත්‍රයක්ද හමුවී ඇත. එම විදෙස් ගමන් බලපත්‍රය ඉෂාරා‍ගේ ඡායාරූපය සහිත වි‍දේශ රටක එකකි. එම විදේශ ගමන් බලපත්‍රයට අනුව ඇය ශ්‍රී ලංකිකයෙක් නොවන බවට සිය අනන්‍යතාවද වෙනස්කර ගෙන සිට ඇත. එම විදෙස් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව විමර්ශනයක් පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඇය සමඟ අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 05 දෙනාද නේපාලයේ රැඳී සිට ඇත්තේ නීතිවිරෝධිවය. එබැවින් ඔවුන්ව මෙරටට පිටුවහල් කර ගැනීමට පහසුවක් වී ඇත.

ඉෂාරාගේ ඩමිය –

ඉෂාරා සෙව්වන්දි  සහ ඇය විසින් ලබා දුන් තොරතුරු මත අත් අඩංගුවට පත් කාන්තාව පෙනුමෙන් එක සමාන වීම විමර්ශන අංශවල විශේෂ අවධානයට ලක් වී ඇත. ඩමියක් ආකාරයෙන් යොදා ගත් බවට විශ්වාස කරන මෙම සැකකාරිය විමර්ශන සඳහා වැදගත් තැනැත්තියක් බව පෙනී යන බවත් මෙරටට ඇය රැගෙන ඒමෙන් අනතුරුව ප්‍රශ්න කිරී‍මෙන් බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

කාන්තාව හැරුණු කොට අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර යාපනයේ පදිංචි දෙ‍දෙ‍‍නෙක්ද සිටිති. සෙසු සැකකරුවන් දෙදෙනා ‍ කොළඹ සහ ගම්පහ පදිංචිකරුවන්ය. ඔවුන් කෙ‍ෙහල්බද්දර පද්මේ නමැත්තාගේ ගෝලයින් බව සඳහන්ය. ඔවුන් මත්කුඩු ජාලයට සම්බන්ධ අය බව ද පෙනී ගොස් ඇත.

අද ලංකාවට මේ පිරිස රැගෙන ආ පසු බොහෝ තොරතුරු හෙළි කරගත හැකි බව විමර්ශන අංශ විශ්වාසය පළ කරයි. ( ගායාන් කුමාර වීරසිංහ දිණමින පුවත්පතට සැපයූ ලිපිියක් ඇසුරින් සැකසිනි.)

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉසඩ්.ඩී. ඇලට වැටුන කෙනරක පැය 03ක මෙහෙයුමකින් පසු ගොඩ ගනී…

Next Post

හිටපු ඇමති මනුෂ අත් අඩංගුවට…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.