ඉන්ධන මිල වැඩිකිරීමේ ප්‍රමුඛම හේතුවක් වූයේ ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩු කරගැනීම බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පවසයි.
“මෝටර් සයිකල් 1000 යන අය බස්වල යයි… අයෙක් ගමන් සීමා කරයි. කීප දෙනෙක් එකතුවෙලා එක ගමනක් යයි. විසඳුම සොයන්න පරිභෝජනය අඩු කළ යුතුයි. “ මහබැංකු අධිපතිවරයා කීවේය.
ඔහු මේ බව පවසන්නේ ඊයේ හිරු රූපවාහිනී සේවයේ සලකුණු වැඩසටහනට එක් වෙමිනි.
ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ස්ථායීභාවයත්, රටේ ඩොලර් සංචිත රැක ගැනීමත් ඇතුළු කරුණු රාශියක් සලකා බලා මෙම තීන්දුව ගත් බව කී මහබැංකු අධිපතිවරයා එම තත්වය පැහැදිලි කරන්නේ මෙසේය.
“මේ මිල වැඩි කරන තීන්දුව ගත්තෙ එක් පැත්තකින් ඉල්ලුම අඩු කරන්න. ඉල්ලුම අඩු කෙරුවම ආනයනය කරන්න තිබෙන තෙල් ප්‍රමාණය අඩු වෙනවා. අයෙක් තමන්ගෙ ගමන් සීමා කරයි. නැතිනම් දෙතුන් දෙනෙක් එක ගමනක යයි. මෝටර් සයිකල් දාහක් පාවිච්චි නොකර බස් එකේ යන්න පුලුවන්.
මිල වැඩිකිරිම තුළින් අපේ පරිභෝජනය අඩු කරගැනීමට පුලුවන් නම් එය වැදගත්. අපේ තෙල් මිල මාසෙකට ඩොලර් මිලියන සීයකින් වැඩි වෙලා තියනවා. මාසෙකට ඩොලර් මිලියන 400ක් යනවා. එය 250ක් දක්වා අඩු කරගන්න පුලුවන්නම් මේ ප්‍රශ්නය අපට සෑහෙන දුරට කළමනාකරණය කරගත හැකියි.
ජීවන වියදම වැඩිවීම සම්බන්ධව තමන් පිළිගන්නා බවත් නමුත් ඇත්ත තත්වය අවබෝධ සඟවා රටක් ලෙස ණය ප්‍රමාණය දිගින් දිගටම වැඩි වී ගෙවා ගත නොහැකි තැනකට පැමිණියහොත් රටට කුමක් වන්නේ දැයි මහබැංකු අධිපතිවරයා ප්‍රශ්න කළේය.