ඉන්ධන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂ ඇගයීම් වැඩපිළිවෙළක් දියත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.
ඒ අනුව නීති විරෝධීව ගබඩා කරගෙන ජාවාරම් කරනා ජාවාරම් කරුවන් ඉන්ධන ලීටර 1 -100 දක්වා අත්අඩංගුවට ගන්නා මෙහෙයුමක් වෙනුවෙන් රුපියල් පනස් දහසක් ද, ඉන්ධන ලීටර 101 සිට 500 දක්වා වූ මෙහෙයුමක් සඳහා රුපියල් ලක්ෂ 02ක් ද, ලීටර 500 -1000 දක්වා අත්අඩංගුවට ගන්නා විටි රුපියල් ලක්ෂ 03ක් ද ත්‍යාග වශයෙන් එම මෙහෙයුම් කණ්ඩායම් වෙත පිරිනැමීමට තීරණය කර ඇත.
ඉන්ධන තොග රැස්කිරීම සහ ජාවාරම් කිරීම මැඩලීම සඳහා මෙම දිරිමත් කිරීමේ වැඩපිළිවෙළ දියත් කර තිබේ.