මනම්පිටිය නිමල් ජයරත්න –
ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන් සහ ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වී සිටි ඉන්දු ශ්‍රී ලංකා මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුධ අභ්‍යාසයේ අවසාන පුහුණු අභ්‍යාසය මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ සිදුකරන අතරතුරදී ජීව අත්බෝම්බයක් පුපුරා යාමෙන් හයවන ඉංජිනේරු බලකායේ
මේජර් වරයෙකු තුවාල ලැබීමෙන් පසුව අරලගංවිල රෝහලට ඇතුළත් කර තිබේ. එතැනින් ඔහුව පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බව අරලගංවිල පොලිසිය පවසයි.
පසුගිය 15 දා සිද්ධ වුණු මේ පිපිරීමෙන් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ මේජර් ආර්.එම්.අයි.ඒ.බණ්ඩාර නැමැති නිලධාරියා බව පරීක්ෂණ සිදුකරන අරලගංවිල පොලීසිය සඳහන් කරයි.
මෙම පුහුණු අභ්‍යාසයට නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්ව සිටියහ.
එම පුහුණු අභ්‍යාසයේ දී ජීවත් අත්බෝම්බයක් පිපිරී යාමෙන් මේජර් වරයාගේ අතේ ඇඟිලි වලට බරපතළ තුවාල සිදුවී ඇති ඇතැයි පොලොන්නරු රෝහල් ආරංචි මාර්ග පවසයි. ඔහුගේත් තත්වය බරපතළ නොවන බව ද පොළොන්නරුව මහ රෝහලේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ ය.