දිනසේන රතුගමගේ –
වසර විස්සක් තිස්සේ විසඳී නොමැති ඉන්දු -ශ්‍රී ලංකා ධීවර ප්‍රශ්නයට විසඳුම් වශයෙන් යෝජනා හතක් අඩංගු ප්‍රකාශයක් ඉන්දීය ධීවර සංගම් විසින් කච්චතිව් දූපතේ පැවති සාකච්ඡාවේදී තමන් වෙත බාර දුන් බව ධීවර අමත්‍ය ඩග්ලස් දේවාන්නදා අද ( 5 ) පැවසීය.
මෙම යෝජනා පිළිබඳව තමන් මී ළග අමාත්‍ය මණ්ඩල රැස්වීමට තොරතුරු ඉදිරිපත් කොට යම් විසඳුමක් ලබා ගන්නා බව මාධ්‍යවේදින්ට ප්‍රකාශ කළේය.
ඉන්දීය ධීවර නියෝජිතයින් කච්චතීව් දූපතේදී ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයින් හා විශේෂ සාකච්ඡාවක් පැවැත් වු අතර ඊට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා සහ එම අමාත්‍යංශයේ නිලධාරීන්ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
ඔවුන් යෝජනා වශයෙන් ඉදිරිපත් කොට ඇත්තේ කුළී පදනමක් මත උතුරු මුහුදු සීමාවට පැමින මසුන් මරණ ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගැනීම වෙනුවට ඔවුන්ට යම් සහනයක් අවශ්‍ය බවයි.
නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් සමග අත් අඩංගුවට ගනු ලබන ධීවර යාත්‍රා රාජසන්තක නොකොට ආපසු ඉන්දීය ධීවරයින් වෙත ලබා දීමට ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසටද ඔවුන් ඉල්ලීමක් කොට ඇත.
ඒ සමගම තවත් යෝජනා පහක් ඉදිරිපත් කළ ඉන්දීය ධීවරයන් ප්‍රකාශ කොට ඇත්තේ වසර විස්සක් රටවල් දෙකක් සාකච්ඡා කරන මේ ප්‍රශ්නය විසදා ගැනීමට තවමත් නොහැකි වීම බරපතල ප්‍රශ්නයක් බවයි.
කච්චතීව් දූපතේදී වාර්ෂික මංගල්ලයට සමගාමීව ඉන්දීය ධීවර නායකයින් හා උතුරේ ධීවර නායකයින් සමග වාර්ෂිකව පවත්වනු ලබන මේ සාකච්ඡාව මෙවර අවලංගු කොට තිබුණද දෙරටේම ධීවර නායකයින්ගේ ඉල්ලීම මත එම සාකච්ඡාව මෙවරද පැවැත් වුණි.
උතුරේ ධීවරයින් මේ සාකච්ඡාවේදී ප්‍රකාශ කොට ඇත්තේ කවර හේතුවක් මත හෝ ඉන්දීය ධීවරයින්ට උතුරු මුහුදු සීමාවට පැමිණ මසුන් මැරීම සදහා අවසර ලැබෙන කිසිම ක්‍රමවේදයකට ඔවුන් කැමති නොවන බවයි.