දිනසේන රතුගමගේ –
යාපනයේ කන්කසන්තුරේ හා ඉන්දියාවේ රාමේස්වරන් පොන්ඩිචෙරි අතර නැව් සේවාව ආරම්භ කිරීමට හා යාපනය තිරිච්චි අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට තමන් රජයට යෝජනා කළ බවත් ඊට මේ වන විට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාවේ සිට ලැබෙන ආධාර ඉතා කඩිනමින් ලබා ගැනීම සඳහා නැව් සේවාව ඉතාම වැදගත් බවත් හදිසි ඖෂධ වර්ග ගෙන්වා ගැනීමේදී ගුවන් සේවාව ඉතා වැදගත් බවත්ය.
මේ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති නිසා ඉතා ඉක්මනිම නැව් සේවාව හා ගුවන් සේවාව ආරම්භ කිරීමට හැකි වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.