දිනසේන රතුගමගේ –
දෙමළ ජාතික සන්ධානය ඇතුලු දෙමළ පක්ෂ හා මුස්ලිම් පක්ෂ එකතු වී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට යවන ලද ලිපියට තමන් කිසි විටකත් පිළිතුරු ලිපියක් බලාපොරොත්තු නොවන බවත් සිදු විය යුත්තේ එම ලිපියේ සඳහන් කරුණු දෙස ඉන්දියාවේ අවධානය යොමු කොට ප්‍රශ්න විසඳීම පමණක් බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා 15 දා පැවසීය.
මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතා කළ සම්පන්ධන් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ භාෂාව කතා කරන දෙමළ හා මුස්ලිම් ජනයාගේ ප්‍රශ්න විසඳීමට ඉන්දීයාවට මැදිහත්වන ලෙස ඉල්ලමින් එම ලිපිය යැවූ බවයි.
උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාවට ප්‍රශ්න රාශියක් ඇති බවත් එම ප්‍රශ්න විසඳීමට ශ්‍රී ලංකා රජයට අදාල දේශපාලන පක්ෂ විසින් කරනු ලබන ඉල්ලීම් ගැන එතරම් තැකීමක් නොමැති නිසා වහාම ඉන්දියාව මේ ප්‍රශ්න විසඳා දීමට මූලිකත්වය ගත යුතුව ඇතැයිද මෙහිදී සම්පන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේය.
මේ මාර්තු මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත් බැවින් හා ඔහු සමග දෙමළ දේශපාලන පක්ෂ හා මුස්ලිම් නියෝජිතයින් සාකච්ඡා කිරීමට සූදානමින් සිටින නිසා ඔහු වෙත යවන ලද ලිපියට පිළිතුරු ලිපි අනවශ්‍ය බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.
රජය විසින් පළාත් සභා මැතිවරණය කල් දැමීම නිසා උතුරු නැගෙනහිර මුස්ලිම් ජනයාට එය විශාල ප්‍රශ්නයක් වී ඇති නිසා වහාම එම මැතිවරණය පැවැත්වීමට් රජය පියවර ගත යුතුව ඇතැයි කී දෙමළ ජාතික සන්ධානයේ නායකයා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ මැදිහත් වීම මත හා අනුදැනුම මත සිදු වූවක් නිසා මේ අවස්ථාවේදී ඉන්දියාවේ සෘජු මැදිහත්වීමක් අවශ්‍ය බව පෙන්වා දුන්නේය.