දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ නාගපට්ටන හා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර යාත්‍රා කෙරෙන චෙරියපානී මගී නැව් සේවාව සතියකට දින තුනක් පමණක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය නැව් සමාගම ඊයේ (15) තීරණය කොට තිබේ.
ඒ අනුව චෙරියපානි මගී නැව් සේවාව අද සිට ක්‍රියාත්මක වනු ලබන්නේ සතියේ සදුදා බදාදා හා සිකුරාදා යන දින වලදී පමණකි.
මෙම නැව් සේවාවේ එක් ගමන් වාරයක් සදහා මගීන් 75 කට වඩා අඩු සංඛ්‍යාවක් සිටියගොත් අදාල නැව් සමාගමට පාඩුවක් විඳීමට සිදු වන නිසා මෙම තීරණය ගෙන තිබේ.
මෙම නැවෙන් ඉන්දියාව බලා ගමන් කරන මගීන්ගේ පහසුව පිණිස යාපනයේ ස්ථාන කීපයකම අදාල ටිකට් පත් අලෙවි කෙරෙන අතර ආගමන හා විගමන සේවාවන්ද රේගු කටයුතුද ඉතා කඩීනමින් සිදු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම චෙරියපානි නැව් සේවාව වැඩි වශයෙන්ම ප්‍රයෝජනයට ගෙන ඇත්තේ යාපනයේ ව්‍යාපාරිකයින් වන අතර එක් මගියෙකුට කිලෝ ග්‍රෑම් 50 ක බරක් රැගෙන යාමට අවසර ලැබීම නිසා යාපනයේ සිට ඉන්දියාවටත් ඉන්දියාවේ සිට යාපනයටත් වැඩි වශයෙන් භාණ්ඩ රැගෙන යාමට පටන් ගෙන තිබේ.