ශ්‍රී ලංකාව තුල 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසත් කඩිනමින්ද පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ඉකුත් සිකුරාදා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.
තමිල්නාඩුවේ ප්‍රබල ඉල්ලීමක් වන මෙම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්ම කිරීම මගින් ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම වඩා පුළුල්ව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමවේ. ඒමෙත් මෙම බලය බෙදීමේ ක්‍රියාවලියට බහුතරයක් සිංහල ජනයා සිය නොසතුට පළකරන අතරම එය ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට බලයෙන් පටවන ලද තත්ත්වයක් ලෙස අර්ථ දක්වයි.
කෙසේවෙතත් මෙය දමිල ප්‍රජාව විසින් සමස්ථ ක්‍රියාවලියෙන් අඩක් පමණක් ලෙසට දකින අතර ඇතැමුන් එය ආරම්භක ලක්ෂය ලෙසද හුවා දැක්වීමට කටයුතු කරනු ලබයි.
ඉකුත් වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දැඩි ආර්ථික අවපාතයේදී පළමුව ප්‍රතිචාරය දැක්වූ පාර්ශව ලෙසත් ඉකුත් සතියේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසහනේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සිය මූල්‍ය සහය ලබාදීමේ සහතිකත්වය ලබාදීම පදනම් කරගෙන අමාත්‍ය ජයශංකර් 13 වැනි ආණ්ඩුකුම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට බලකිරීම සිදුකළේය.
ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා ඉන්දියාව සැමවිටම සහාය දක්වන බව ප්‍රකාශ කළ ජයශංකර් කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන බලය බෙදීම සහ ඔහුගේ චින්තනය පිළිබඳව තමාට කරුණු දැක්වූ බවයි.
“13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් මැතිවරණ කඩිනමින් පැවැත්වීම තීරණාත්මක බව මම ඔහුට අපගේ මතය බෙදා ගැනීමේදී සඳහන් කළා. සංහිඳියාව සඳහා වන කල්පවත්නා උත්සාහයන් ශ්‍රී ලංකාවේ සියලුම කොටස්වල අවශ්‍යතා සඳහා වැදගත්. ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාවගේ අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව ගැන ද මම එහිදී කතා කළා.″ යනුවෙන්ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියත්මක කිරීමට බලාපොරෝත්තු වන බවයි. එමෙන්ම යාපනයේ පැවති ජාතික තෛපොංගල් උත්සවයේදී ජනාධිපතිවරයා පවසා සිටියේ දේශපාලන නායකයන් සමඟ සාකච්ඡා කර සංහිඳියාව සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව රජය පෙබරවාරි මාසයේදී ප්‍රකාශයක් නිකුත් කරන බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ජයශංගකර් “මේ අවස්ථාවේ කොළඹට පැමිණීමේ මූලික අරමුණ මේ දුෂ්කර අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සහයෝගීතාවය ප්‍රකාශ කිරීමයි. පසුගිය වසරේදී ඩොලර් බිලියන 4 ක් පමණ ණය පහසුකමක් ලබාදීම අපි කටයුතු කළේය. අප එය හුදෙක්ම අපේ අසල්වැසි වැසියන්ට අපිව අවශ්‍යම අවස්ථාවේදී සහය ලබාදීමක් විදිහටයි දකින්නේ.″ යනුවෙන්ද වැඩිදුරටත් පැවසීය