චීන පර්යේෂණ නෞකාවක් වන ‘ Shi Yan 6’ නෞකාව ඊට අදාල සැපයුම් කටයුතු සඳහා අද (25) කොළඹ වරායට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉන්දියාව අවධානයෙන් පසුවන යාත්‍රාව අද පස්වරුවේ කොළඹ වරායේ නැව්ගත කිරීමට නියමිතය. නෞකාවේ සැපයුම් කටයුතු සඳහා වරයාට ප්‍රවේශ වීමට අවසර ලබා දෙන බව කොළඹ වරාය නිවේදනය කර තිබේ.
අද කොළඹ වරාය වෙත ඇතුළුවන පර්යේෂණ නෞකාව සම්බන්ධව මේ මස මුල දී ප්‍රකාශයක් නිකුත් කළ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි දන්වා තිබුණේ එම නෞකාව සඳහා වරාය ප්‍රවේශයට නොවැම්බර් මස අවසර ලබා දී ඇති බවය.
මෙම අධි තාක්ෂණික පර්යේෂණ නෞකා පිළිබඳ ඉන්දියාවෙ කණස්සල්ල දැඩි ලෙස පලවන්නේ 2022 අගොස්තු මාසයේ දී යුවාන් වැන්ග් 05 කොළඹ වරායට පැමිණීමත් සමගය.
Shi Yan 6 අධි තාක්ෂණික නෞකාවේ ඇති මුහුදු පත්ල සිතියම් කිරීමේ තාක්ෂණය චීන නාවික හමුදාවේ සම්මැරීන් මෙහෙයුම් සඳහා භාවිතා කිරීමට ඇති හැකියාව අවධාරණය කරමින් ඉන්දියාව මෙම නෞකාවේ ආගමනය සම්බන්ධව අවස්ථා කීපයක දී සිය දැඩි කනස්සල්ල පල කර තිබිණි.
ඊට පිළිතුරු දෙමින් පසුගිය මාසයේ දී විදේශ ඇමති අලි සබ්‍රි ඉන්දියානු මාධ්‍ය වෙත පැවසුවේ ඔක්තොම්බර් මාසයේ දී Shi Yan 6 සඳහා වරාය ප්‍රවේශය සඳහා අවසර ලබා දුන් නැති බවත් ඒ සම්බන්ධව සාකච්ඡා පවතින බවත්ය.
ඉන්දියාවේ ජාතික ආක්ෂාව ශ්‍රී ලංකාවට වැදගත් බවත් අලි සබ්‍රි පැවසුවේය.







