ඉන්දියාව කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන උදෙසා නිර්මාණය කළ Co-WIN ජංගම දුරකථන යෙදුම (ඇප් එක) ප්‍රතිශක්තිකරණය, ලේ දන් දීම යන වැඩසටහන්වලට වෙන් කරන බවත් ඉදිරියේදී අවයව දන් දීම උදෙසා භාවිතා කරන බවත් Co-WIN ප්‍රධානි හා ජාතික සෞඛ්‍ය අධිකාරියේ ප්‍රධානි වෛද්‍ය ආර්එස් ශර්මා පවසයි.
මෙම තාක්ෂණය අගය කළ යුතු අතර එය නීති පද්ධතිය, පරිසර පද්ධතිය ආදී සක්‍රීය පද්ධතිවලට එකඟව සිදු කළ යුත්තක් බව ද ඔහු සඳහන් කළේය.
පසුගිය වසරේදී Co-WIN ජාත්‍යන්තර සම්මේලනය පැවැත්වුණු අතර ඒ සඳහා රටවල් 140ක් පමණ එක් වූහ. එහිදී රටවල් බොහොමක් මෙම ඇප් එක භාවිතයට ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළේ යැයි ශර්මා පැවසුවේය.







