මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන බාලචන්ද්‍රන් පුෂ්පරාජා නොහොත් පූකුඩු කන්නාගේ සහෝදරයෙකු ඉන්දියාවේ සිට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් ආපසු පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
බාලචන්ද්‍රන් පුෂ්පරාජ් හෙවත් පූකුඩිකන්නා මෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ප්‍රබල පාතාල සාමාජිකයෙකි. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ද මොහු සම්බන්ධතා පවත්වා තිබුණි. මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ආදි අපරාධ රැසක් මොහු විසින් සිදු කර තිබේ. කුඩු සෙල්වි ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දෙන්නේ මොහු විසින්ය.
පූකුඩිකන්නාගේ සහෝදරයා ද ඔහු විසින් මෙහෙයවන ලද අපරාධවල කොටස් කරුවෙක් බව විමර්ශන අංශ පවසයි. මත්කුඩු ජාවාරම, පසුගිය වකාවනුව තුළ මට්ටක්කුලිය අවට සිදුවූ ඝාතන සඳහා ආධාර අනුබල දීම සම්බන්ධව මෙම පුද්ගලයාට චෝදනා ගොනු වී තිබේ.
බාලචන්ද්‍ර ගනේන්ද්‍රන් නැමැති මෙම පුද්ගලයා ලංකාවට ගෙන්වා ගැනීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක වෙමින් තිබිණි.







