දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ තිරිච්චි මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින ශ්‍රී ලාංකික දෙමළ සිරකරුවන් 78 දෙනා වහාම නිදහස් කරන ලෙස ඉල්ලමින් යාපනයේ කාන්තා සංවිධාන කීපයක් අඛණ්ඩ හුවමාරු විරෝධතාවයක් ආරම්භ කොට තිබේ.
මේ අඛණ්ඩ හුවමාරු විරෝධතාවයේ නිරතවන කාන්තාවන්ගෙන් කීපදෙනෙකුම දැනට බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන්ගේ බිරින්දෑවරු හා ඥාතීන්ය.
ඔවුන් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින්නේ චෝදනා ඉදිරිපත් නොකොට ඉන්දීයාවේ තිරිච්චි බන්ධනාගාරයේ රඳවා සිටින පිරිසට නිතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
යාපනයේ කාන්තා සංවිධාන විසින් ආරම්භ කරණ ලද මෙම අඛණ්ඩ හුවමාරූ විරෝධතාවය සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයට හා තමිල්නාඩුවේ මහ ඇමතිවරයාටද තොරතුරු යාපනයේ කාන්තා සංවිධාන විසින් ඉදිරිපත් කොට තිබේ.
මේ අතර ඉන්දියාවේ තිරිච්චි මධ්‍යම බන්ධානාගාරයේ රඳවා සිටින සිරකරුවන් 78 දෙනාද මේ දිනවල ඔවුන්ව නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ විරෝධතාවයක් දියත් කොට තිබේ.