දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ ත්රීචී සරණාගත කඳවුරේ විශේෂ කඳවුරක රඳවා සිටින පුද්ගලයෙක් ඊයේ (27) ඔහුගේ සිරුරට ගිනි තබා ගෙන කඳවුරටද ගිනි තැබීමට උත්සාහ කොට තිබේ.
පසුව මෙම පුද්ගලයා බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර ගිනිගත් කඳවුර සෙසු පිරිස විසින් නිවා දමා තිබේ.
මීට පෙර අවස්ථා හතරකදී පුද්ගලයින් සිය සිරුරු වලට ගිනි තබාගෙන ඉන්දීය බලධාරීන්ට විරෝධය පල කොට ඇත්තේ ඔවුන්ව ත්‍රිචී විශේෂ කඳවුරෙන් නිදහස් කොට සාමාන්‍ය කඳවුරකට ඇතුළත් කරන ලෙස ඉල්ලමිනි.
ත්‍රිචී විශේෂ සරණාගත කදවුරේ රඳවා සිටින්නේ ශ්‍රී ලාංකික සරණාගතයින්ගෙන් මත්ද්‍රව්‍ය හා වෙනත් අපරවලට සම්බන්ධ පුද්ගලයින් වන අතර මෙවර ගිනි තබා ගෙන ඇත්තේද මත්ද්‍රව්‍ය චෝදනාවකට ලක් වූ උමා රමණන් නැමති අයෙකි.
මේ වන විටත් එම කඳවුරේ රඳවා සිටින පුද්ගලයින් 107 දෙනෙකුගෙන් 24 දෙනෙකු ඔවුන්ව විශේෂ කඳවුරෙන් නිදහස් කොට සාමාන්‍ය කඳවුරකට දමන ලෙස ඉල්ලා විරෝධතාවයක් ආරම්භ කොට තිබේ.