දිනසේන රතුගමගේ –
-
ගංජා තෙල් ලීටර 105ක්… ට්රිච් ඉතිහාසයේ අත් අඩංගුවට ගත් විශාලම ගංජා තෙල් තොගය මෙයයි… වටිනාකම කෝටි 20ට වඩා කීප ගුණයකින් වැඩි විය හැකි බව ට්රිච් පොලිසිය කියයි…
-
ඉන්දියානුවන් 02ක් සහ ශ්‍රී ලාංකිකයන් 02ක් අත් අඩංගුවට…
ඉන්දියාවේ මණ්ඩපම් ධීවර වරායේ සිට නීති විරෝධී ලෙස මන්නාරමට ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 20 ක් පමණ වටිනා කේරළ ගංජා තෙල් ලීටර් 105 ක ප්‍රමාණයක් ට්‍රිචී පළාතේ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් හතර දෙනෙකු සමග 5 දා අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම කේරළ ගංජා තෙල් ප්‍රවාහනය කළ බෝට්ටුවද අත් අඩංගුවට ගෙන ඇති අතර මෑත කාලයේදී කේරළ ගංජා තෙල් ප්‍රාවහනය කළ සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගත් පළමු අවස්ථව මෙය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මෙම කේරළ ගංජා තෙල් තොගය ප්ලාස්ටික් පැකැට් 100 ක අසුරා ඉතා සුරක්ෂිත ලෙස පැකැට් කොට තිබූ අතර ඒවා බෝට්ටුවේ රහස් කුටීරයක ඉතා පිලිවෙලකට අසුරා තිබියදී බුද්ධි අංශ නිලධාරීන් බෝට්ටුව හඹා ගොස් ඒවා අත් අඩංගුවට ගෙන තිබේ.
කේරළ ගංජා තෙල් කේරළ ගංජා ඇට වලින් නිස්සාරණය කරණු ලබන අතර ඒවා ඉතා දුර්ලභ ගණයේ නිෂ්පාදනයක් බැවින් කේරළ ගංජා තෙල් මිලි ලීටරයක මිල පවා ඉතා ඉහළ අගයක් ගන්නා බව එම වාර්තාවල සදහන් විය.
ට්‍රිචී පළාතේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මෙම කේරළ ගංජා තෙල් තොගයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කෝටි 20 ක් බවට ගණන් බලා ඇති නමුත් එහි වටිනාකම මීට වඩා විශාල ගුණයක් විය හැකි බව කී ට්‍රිචී පළාත් පොලිස් ප්‍රධානියා කියයි.
මෙතරම් විශාල ප්‍රමාණයක කේරළ ගංජා තෙල් තොගයක් හමුවීම පිළිබදව විශාල සැකකයක් පවතින බවද ඔහු කියා සිටියි.
ට්‍රිචී පළාතෙන් මෙතෙක් අත් අඩංගුවට ගෙන ඇති විශාලතම කේරළ ගංජා තෙල් ප්‍රමාණය වූයේ ලීටර් එකහමාරක ප්‍රමාණයක් බව සඳහන් කළ එම නිලධාරියා ලීටර් 105 ක කේරළ ගංජා තෙල් හමුවීම ගැන දිගින් දිගටම පරීක්ෂණ සිදු කරණ බවද ඒ සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනාගෙන් ප්‍රශ්න කරගෙන යන බවද කියා සිටියේය.
අත් අඩංගුවට පත් සැකකරුවන් හතර දෙනාගෙන් දෙදෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර අනෙක් දෙදෙනා ශ්‍රී ලාංකිකයෝය.