මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි සති දෙක තුළදී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
ඒ ඉන්දියාවෙන් මෙරටට දීමට එකඟ වී ඇති ඩොලර් බිලියන 2.4 ක මුදලට අදාළව ගිවිසුම සම්පූර්ණ කිරීම සඳහා බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
එම මුදලින් භෞතික වශයෙන් ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ලබාගැනීමට ඉන්දියාවෙන් ලැබෙන මුදල ඉක්මණින් ලංකාවට ලබා ගැනීම අවශ්‍යා ඇති බැවින් ඒ සඳහා එම සංචාරයේදී කටයුතු කරනු ඇති බවද අමාත්‍යවරයා කීය.
ජී එල් පීරිස් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
“ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා දෙසැම්බර් මාසයේ ඉන්දියාවට ගොස් අතිශයින් පලදායි සාකච්ඡා පැවැත්තුවා ඉන්දියාවේ මුදල් ඇමතිනිය සමඟ සහ ඉන්දියාවේ විදේශ අමාත්‍යතුමා සමඟ. ඒ සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් තමයි අපිට මේ US ඩොලර් බිලියන 2.4 යෝජනා වුණේ. මේ ගිවිසුම සම්පූර්ණ කරලා භෞතික වශයෙන් ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ලබාගැනීමට ඉන්දියාවෙන් අපිට ලැබෙන මුදල ඉක්මණින් ලංකාවට ලබා ගැනීම සඳහා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා නැවත සති දෙකක් ඇතුළත ඉන්දියාවය යෑමට සිදු වෙනවා ඒ ගිවිසුම් අත්සන් කරලා ඒවා සම්පූර්ණ කර ගැනීමට. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු 18 සිට 20 දක්වා ඉන්දියාවෙන් විදේශ ඇමතිතුමා ලංකාවට පැමිණෙයි කියලා.
ඒ වගේම ඉතාම වැදගත් සිද්ධියක් සිදු වෙනවා මාර්තු 31 වෙනිදා. ඒ බ්ම්ස්ටෙක් සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව කොළඹ පැවැත්වෙනවා. රටවල් 07 න් සමන්විත සංවිධානයක්. මෙම සංවිධානයේ සභාපතිධූරය දැනට දරන්නේ ශ්‍රි ලංකාවයි. ඒ රටවල් 07 ම නායකයින්ට ඉතාමත් සුහඳව ආරාධනා කරලා තිබෙනවා කොළඹට පැමිණෙන්න කියලා මේ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා.”