කීර්ති ප්‍රනාන්දු –
ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර රුපියල් 20ක් වැනි අඩු මිලට ජනතාවට ලබා දිය හැකි බවත් ඒ සඳහා මැදිහත් වන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටී .
ඉන්දියාවේ බිත්තරයක විකුණුම් මිල මේ වන විට ලංකා මුදලින් රුපියල් දහ අටක් පමණ වන බවත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර ඉතාමත් පහසුවෙන් මෙරට දී රුපියල් විස්සකට බිත්තරයක් ලබාදීමට හැකි බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන පෙන්වා දෙයි.
අද වන විට බිත්තරයක මිල රුපියල් 58 ක්,60ක්,65ක් ,වශයෙන් හිතූ හිතූ මිලට අලෙවි කරමින් පාරිභෝගිකයා ගසා කන බවත් පවසන ඔහු බිත්තර මිල අධික ලෙස ඉහළ යාම සමස්ත බේකරි නිෂ්පාදනයට ම ද විශාල වශයෙන් බලපාන අතර පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට හේතුවක් වන බව ද ඔහු කියා සිටී .
බිත්තර නිෂ්පාදකයන් හත් අට දෙනෙකු සංවිධානාත්මකව බිත්තර මිල වැඩි කරන බව පවසන බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මේ අපරාධයට ඉඩ දී ජනතාව සූරා කන්නට අවස්ථාව නොදිය යුතු බව පෙන්වා දෙයි. .
සාමාන්‍යයෙන් බිත්තරයක් නිෂ්පාදනය කිරීමට මාස හතක් පමණ ගත වන බවත් බිත්තර මිල දරා ගත හැකි වන අන්දමට බිත්තර මිල අඩුවන තෙක් බිත්තර ආනයනය කර ජනතාවට සහන සලසන ලෙසත් සංගමය ඉල්ලා ඇත.
පෝෂණවේදීන් පෙන්වා දෙන්නේ පුරවැසියන් සඳහා අඩුම මිලකට ලබා ගත හැකිව තිබූ ප්‍රෝටීන් ප්‍රභවය බිත්තර බවය. ලංකාව දැවැන්ත මන්දපෝෂණ උවදුරකට මුහුණ දීමට නියමිත බව ද ඔහුවු අනතුරු අඟවති.