ඉන්දියානු මෘදුකාංග නිෂ්පාදන ක්ෂේත්රය 2025 දී ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉක්මවන ආදායමක් බලාපොරොත්තු වන බව තොරතුරු හා විකාශන, යෞවන කටයුතු හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය අනුරාග් තාකූර් පසුගියදා පැවසුවේය.
“ඉහළම දක්ෂතා සහිත තාක්ෂණික වෘත්තීකයින් සමඟ ඉන්දියාවේ තාක්ෂණ ක්ෂේත්රයේ අනාගතය දීප්තිමත් සහ බහුල අවස්ථාවන් සමඟ වර්ධන වෙනවා… ” අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්රීපෙරම්බුදුර් තරුණ සංවර්ධන රාජව් ගාන්ධි ජාතික අධ්‍යාපන ආයතනයේ සිසු සිසුවියන් අමතමිනි.
මෘදුකාංග ක්ෂේත්රයේ නැඟී සිටීමත් සමඟින් තරුණ ප්‍රජාවට රැකියා අවස්ථා රැසක් ලැබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය. 2022 මූල්‍ය වර්ෂයේදී රටේ තාක්ෂණික ක්ෂේත්රය තුළ නව රැකියා අවස්ථා ලක්ෂ 4.45ක් බිහි වූ බවත් තාක්ෂණික අංශය තුළ සම්පූර්ණ රැකියා සංඛ්‍යාව ලක්ෂ 50ට ආසන්න වූ බවත් ඔහු සඳහන් කළේය.
“ක්ලවුඩ් කම්පියුටින්ග්, ඩේටා ඇනලිටික්ස්, ආර්ටිෆිෂල් ඉන්ටර්ලිජන්ස් (කෘතිම බුද්ධිය) හා සයිබර් ආරක්ෂාව වැනි තාක්ෂණික භාවිතයේ සැලකිය යුතු වැඩිවීමක් ඉන්දියාව බලාපොරොත්තුවෙන් ඉන්නවා.. මේ උසස් තාක්ෂණයන් ව්‍යාපාර ලෙස ක්‍රියාත්මක වන ආකාරයට පරිවර්තනය වේවි..” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.