ඉන්දියාව ප්‍රධාන ආරක්ෂක මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ස්වයංපෝෂිත ආරක්ෂක පරිසර පද්ධතියක් ගොඩනැඟීම සඳහා ඉදිරි වසර දෙක තුළ සිය ආයුධ අපනයනය ඩොලර් බිලියන 5කට ආසන්න ලෙස සැලකිය යුතු අන්දමින් ඉහළ නැංවීමට ඉන්දියාව සැලසුම් කරයි.
එහි මූලික පියවරක් ලෙසින් ‘එරෝ ඉන්දියා’ ද්විවාර්ෂික පස් දින ප්‍රදර්ශනයේදී ඉන්දියානු රුපියල් බිලියන 750ක (ඩොල්ර් බිලියන 9) වටිනාකමින් යුතු ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට අපේක්ෂා කරයි. එවන්නක් සිදු කරන්නේ ‘එරෝ ඉන්දියා’ ගුවන් සමාගම ප්‍රධාන හවුල්කාරීත්වයන් හරහා ජෙට්ලයිනර් මිලදී ගැනීම් සම්පූර්ණ කිරීමට උත්සාහ කරමින් සිටින අවස්ථාවකය.
ඉන්දියාව ආරක්ෂක අපනයනකරුවෙකු ලෙස ගොඩනැඟීමේ අධිෂ්ඨානයෙන් කටයුතු කරන්නේ, ලෝකයේ විශාලතම ආයුධ ආනයනකරුවෙකු ලෙස අඛණ්ඩව රැඳී සිටින අවස්ථාවක බව ‘ද ඉකොනොමික් ටයිම්ස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
මේ අතර පසුගිය සඳුදා, ගුවන් ප්‍රදර්ශනය හා එක්වෙමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, ඉදිරි වසර තුන තුළ ආරක්ෂක අපනයන සීයට 200කට වඩා වැඩි කිරීමට ආණ්ඩුව පොරොන්දු වී ඇතැයි යළිත් සිහිපත් කළේය.
“2021 දී ඩොලර් බිලියන 1.5 සීමාවේ හිටිය අපි 2025 දී ඩොලර් බිලියන 5ක් වටිනා මිලිටරි උපාංග ආනයන කරන්න බලාපොරොත්තු වෙනවා… ඒ වගේම තමයි ‘විශ්වාසනීය ආරක්ෂක හවුල්කරුවෙක්’ බවට පත් පත් වෙන්න ආරක්ෂක අංශයේ ආයෝජන සඳහා පහසුකම් සැලසීමට ඉන්දියාව සිය නීති වෙනස් කරලා තියෙනවා..” අග්‍රාමාත්‍යවරයා පැවසීය.







