බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි දින 03 අවදානම්… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි!

by editor
නොවැම්බර් 7, 2021
in පුවත්
rain
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

බෙංගාල බොක්ක ආශ්‍රිත ව පවතින පීඩන අවපාතය හේතුවෙන් ඉදිරි දින 3 වඩාත් අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

සති දෙකක් තිස්සේ පැවති වර්ෂාපතනය තවදුරටත් ඉහළ යන බවත්, වැසි සමග තද සුළං හා අකුණු අනතුරු ඇති වන බවත් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා කීවේ ය.

මධ්‍ය කදුකරය, උතුරු මැද, උතුර, සබරගමුව, දකුණ, වයඹ හා බස්නාහිර පළාත්වල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වන බව ද ඒ මහතා කීවේ ය.

මෙකී සෑම දිස්ත්‍රික්කයක ම නායයාම් අවධානම් ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස විමසිල්ලෙන් පසුවිය යුතු බවත්, දැඩි අවදානම් ස්ථානවලින් ඉවත් වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවයි. ඉවත් කළයුතු අය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනටමත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යයාලවලට දැනුම්දී තිබේ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, මාතලේ රත්තොට, උකුවෙල ප්‍රදේශ නායයෑම් දැඩි අවදානම් සහිත කලාප ලෙස දක්වා ඇති අතර කළුතර, ගාල්ල, රත්නපුර, නුවරඑළිය, මහනුවර, මාතලේ, කෑගල්ල දිස්ත්‍රික්ක ද නායයාම් අවදානම් සහිත වේ.

අකුණු අනතුරු හේතුවෙන් මරණ දෙකක් පසුගිය දිනවල වාර්තා වූ බවත්,  තවදුරටත් එම අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට කටයුතු කළ යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කීවේ ය..

ජලාශවල දියනෑමට යාම,  විනෝද වීමට යාම දැඩි අවදානම් බවත්, බොහෝ ජලාශවල ජල මට්ටම ඉහළ යාම නිසා වාං දොරටු විවෘත කෙරෙන බැවින් ඒ ආශ්‍රිත පහත් බිම්වල ජල ගැලීම් හා එකවර ජල මට්ටම ඉහළ යා හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවලත් තද වැසි, තද සුළං, අකුණු අනතුරු ඇති වන අතර සුළඟේ වේගය ඇතැම් විට පැයට කිලෝමීටර් 55 පමණ වන බැවින් ධීවර කටයුතුවලදී විමසිලිමත් විය යුතු වේ.

පුත්තලම සිට ගාල්ල, මාතර හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වඩාත් ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගත වූ සති දෙකක කාලයේ දී පුද්ගල මරණ පහක් සිද්ධ වූ අතර 6000 ට වැඩි පිරිසක් පීඩාවට පත් විය.

පස් කන්දක් කඩා වැටීම නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ අැල්ල සිට නමුණුකුල හරහා පස්සර දක්වා මාර්ගය පසුගිය දිනවල  සම්පූර්ණයෙන් වසා දැමුණි. මේ වනවිට එම මාර්ගයේ පස් ඉවත් කර යථා තත්ත්වයට පත් කර ඇති නමුත් පවතින අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගය භාවිත කිරීම අවධානම් බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වගකීම් රහිත පුද්ගලයන් වැඩියි.. පාලනයට දැඩි නීති පද්ධතියක් අවශ්‍යයයි… උපුල් රෝහණ

Next Post

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගංවතුර අනතුරු ඇඟවීමක්! දිස්ත්‍රික් 09ක් නායෙ යෑම් අවදානමේ…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.