අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී විශේෂ අධ්‍යාපන විශේෂඥ ගුරුවරුන්ට වෙන කවදාටත් වඩා විශාල කාර්ය භාර්යයක්…

by editor
මාර්තු 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නව රජයේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී තීරණාත්මක සලකුණකින් විශේෂ අධ්‍යාපන විෂය ක්ෂේත්‍රය ලකුණුවන බවත්, එම ක්ෂේත්‍රයට විද්‍යාත්මක පරිචයක් සහිත ගුරු වෘත්තිකයින් වැඩි වශයෙන් බිහිකිරීමට විශේෂ අධ්‍යාපන විෂය මාලා පවත්වාගෙන යන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට විශාල වගකීමක් පැවරෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් සහ විශේෂ අධ්‍යාපන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ රෂිකා එල්ලාවල පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ විශේෂ අධ්‍යාපන පාඨමාලාවේ  ගුරු ශික්ෂණ ලාභීන් විසින් පසුගිය 28 දා සංවිධානය කරන ලද “සහකම්පන” ප්‍රසංගාත්මක වැඩසටහනට එක්වෙමිනි.

විශේෂ අධ්‍යාපන ගුරුවරයෙක් සතු අනාගත භූමිකාව සහ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ගේ කුසලතා සංවර්ධනය කර ජාතික තලය දක්වා රැගෙන පැමිණිය හැකි බවට ආදර්ශයක් සපයන සෞන්දර්යාංග සමග හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ විශේෂ අධ්‍යාපන පාඨමාලාව හදාරන ශික්ෂණ ලාභීන් විසින් සහකම්පන මංගල ප්‍රසංගය සංවිධානය කර තිබිණි.

මෙම හෘදසංවේදී වැඩසටහන වාර්ෂිකව පැවැත්වීම සඳහා හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය විසින් සැලසුම් කරන්නේ ආබාධිත බව සම්බන්ධ සමාජ ආකල්ප වෙනස් කරවන ආකාරයේ සංවාද ප්‍රවේශයක් විවර කරමිනි.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ගුරු සිසුන්ගේ සෞන්දර්ය වැඩසටහන්, මරදගමුල ආනන්ද කනිෂ්ඨ විද්‍යාලයීය විශේෂ අධ්‍යාපන ඒකකයේ සංවර්ධනය කර ජාතික මට්ටමේ සෞන්දර්ය වැඩසටහන්වලට එක් වූ දරු දැරියන්ගේ විචිත්‍ර නර්තනාංග,  විශේෂ අධ්‍යාපන දරුවන්ගේ අධ්‍යයන කටයුතු සඵල කරවන නිර්මාණාත්මක ඉගනුම් ආධාරක ප්‍රදර්ශනයක් ඇතුළු අංග රැසකින් සහකම්පන වැඩසටහන විචිත්‍රවත් විය.

සහකම්පන වැඩ සටහන අමතමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් සහ විශේෂ අධ්‍යාපන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ රෂිකා එල්ලාවල තවදුරටත් පෙන්වා දුන්නේ මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සාමාන්‍ය පන්තිකාමර පරිසරය තුළ සංවර්ධනය කිරීමේ “අන්තර්කරණ” සංකල්පය අනුව අන්තර්කරණ වැඩසටහන ක්‍රියාත්මකවන සෑම පාසලකම විශේෂ අධ්‍යාපන ඒ්කක දෙක බැගින් පවත්වාගැනීමට සිදුවන බවය.

සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අවුරුදු 03වන විට හඳුනාගෙන ඔවුන් කලාප අධ්‍යාපන කාර්යාලවල ලියාපදිංචි කර වයස අවුරුදු 04වන විට එම කලාපවල ස්ථාපිත විශේෂ තක්සේරු කමිටුවක් මගින් එම දරුවන් තක්සේරුකරනු ලබන බවත් ඉන් අනතුරුව වයස අවුරුදු 04 දී ඔවුන් පාසලේ විශේෂ අධ්‍යාපන ඒ්කකය වෙත යොමු පුරා වසරක් තිස්සේ කරන සංවර්ධන කාර්යයකින් අනතුරුව අවුරුදු 05දී සාමාන්‍ය දරුවන් සේ සාමාන්‍ය පන්තිකාමරයට යොමු කරන බවත් ඇය පැවසුවාය.

ඒ් අනුව එම කාර්යයට එක් විශේෂ අධ්‍යාපන ඒ්කකයක් සහ කෙටි කාලයක් තුළ සංවර්ධනය කළ නොහැකි දරුවන් හැකි ඉක්මනින් සංවර්ධනය කර 1 ශ්‍රේණියට යොමු කිරීම සඳහා තවත් විශේෂ අධ්‍යාපන ඒ්කකයක් පවත්වා ගැනීමට කටයුතු කරන බව ඇය පෙන්වා දුන්නාය. .

එමෙන්ම අන්තර්කරණ පාසලකට ද විශේෂ අධ්‍යාපන ගුරුවරයෙකු අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇති බැවින් අනාගතය සඳහා සහකම්පනයෙන් යුතු වෘත්තිකයින් වැඩි ප්‍රමාණයක් රටට බිහි කිරීමේ වගකීම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ප්‍රමුඛ කාර්යයක් වනු ඇති බව ද නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරිය කීවාය.

මේ සංවාදය තුළ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවෙත වාර්ෂිකව විශේෂ අධ්‍යාපන පාඨමාලාවලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය කප්පාදු වීම සම්බන්ධව ද කථිකාවක් මතුවූයේය. එහිදී එවැන්නක් සිදුනොවිය යුතු බවටත්, අධ්‍යාපන අමාත්‍යාංශය ඒ් සම්බන්ධව දැනුම්වත්ව කටයුතු කරනු ඇති බවටත් ද අදහස් පලවිය

පසුගිය වසර දෙකක කාලය තුළ පොදුවේ විශේෂ අධ්‍යාපන පාඨමාලාවලට ගුරු සිසුන් බඳවා ගැනීමේ කප්පාදුවක් සිදුව තිබිණි.

රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියත් උල්ලංඝනය වන ආකාරයට අධ්‍යාපන අමාත්‍යාංශයේ යම් පිරිසක් විසින් සිදුකරනු ලබන බවට චෝදනා එල්ල වී ඇති මෙම තීන්දුව පිළිබඳව මේ වනවිට අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කජ්ජා ඝාතනයට මුල්වන ගැටුම ඇතිවන්නේ පොලිස් කුපාඩිකමක් නිසා දැයි සැකයක්!

Next Post

ඉදිරි මාස 3 තුළ සෞඛ්‍ය සේවයේ විවිධ ක්ෂේත්‍ර සඳහා නව බඳවා ගැනීම් 6,145ක්

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.