ඉදිරියේ දී යුද හමුදාවෙන් කාන්තා මේජර් ජනරාල්වරියක් බලාපොරොත්තු විය හැකි ලෙස ශ්‍රි ලංකා යුද හමුදාවේ කාන්තා බලකා නියෝග යාවත්කාලීන කිරිමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසුවේය.
මෙය අතිශය ප්රගතිශීලි මෙන්ම බරපතල තීන්දුවක් බව කී රාජ්‍ය අමාත්‍යවරයා යුද හමුදාවේ කාන්තා සෙබලියකගේ විශ්‍රාම වයස අවුරුදු 45 සිට 55 දක්වා වැඩිකිරීමට කටයුතු කරන බව ඔහු හෙළි කළේ.
“ ඒ අනුව දැනට හමුදා සෙබලියකට යෑමට හැකි උපරිම තනතුර මේජර් නිලය පමණයි. නමුත් මේ සේවා ව්‍යවස්ථා යාවත්කාලීන කර සේවා කාලය වයස අවුරුදු 55 තෙක් දීර්ඝ කිරීමත් සමග මෙතෙක් මේජර් නිලයෙන් නැවතුන කාන්තා සෙබලියන්ට ඉදිරියට යන්න පුලුවන්. මේ තත්ත්වය තුළ ඉදිරියේ දී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කාන්තා මේජර් ජෙනරාල්වරියන් බිහි වනු බලාපොරොත්තු විය හැකියි.” රාජ්‍ය ඇමතිවරයා කීවේය.
මේ තත්ත්ව ගුවන් සහ නාවික හමුදා සඳහාත් විවෘත කරන බව කී ඇමතිවරයා ඉතිහාසයේ මුල්ම වරට කාන්තා සෙබලියන් නාවික හමුදාවේ යාත්‍රාවලට අනුයුක්ත කිරීම පසුගිය දා සිදුවූ බව ඔහු කීවේය.