ඉදිරි මෝසම් වැසි තත්ත්වය සමග ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර සිටියි.
ඊට පෙර සිය පරිශ්‍ර පිරිසිදු කර ගැනීම මගින් අවධානම අවම කරගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය, ළහිරු කොඩිතුවක්කු ජනතාවට දැනුම් දී තිබේ.
මේ අතර ලබන 14, 15 සහ 16 යන දිනවල දිස්ත්‍රික්ක 12 ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ද, වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු සඳහන් කළේය.