සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසය වෙනස් කර ලෝක වෙළෙඳ බලය හසුරුවන්නට එන අප්‍රිකාවේ යකඩ ගැහැණිය

by editor
ඔක්තෝබර් 30, 2020
in පුවත්
එන්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා

එන්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා

Share on FacebookShare on Twitter

චතුර රුවන් වීරක්කොඩි –

ලෝක වෙළඳ සංවිධානයේ  අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ඒ යකඩ ගැහැණිය පත්වුණාය.
ඇය ආචාර්ය එන්ගෝසි ඔකොන්ජෝ-ඉවාලාය.
නයිජීරියාවේ හිටපු මුදල් ඇමති වරිය ඇයය. ගැහැණියක් ලෝක වෙළෙඳ සංවිධානයේ මුල් පුටුවට  පත්වූ ලොව මුල්ම අවස්ථාව මෙයය. අප්‍රිකානු ජාතිකයෙක් මුල්ම වරට මෙවැනි තනතුරකට පත්වන්නේත් මේ අවස්ථාවේ දී ය.
ලෝක වෙළෙඳ සංවිධාන මූලස්ථානය
ඇය හා මුල් පුටුවට තරග කළේ තවත් කාන්තාවකි. ඇය යූ-මින්ග් – ගී ය. යූ-මින්-ගී දකුණු කොරියාවේ වර්තමාන මුදල් ඇමතිවරියය. ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජික රටවල් 164න් රටවල් 104ක්  ආචාර්ය එන්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා පත් කරගැනීමට ඡන්දය ලබා දුන්හ.
පසුගිය 28 දා ඇය මෙම තනතුරට පත්වන්නේ   ඉතිහාසයක් වෙනස් කරමිනි.  එන්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා  නයිජීරියාවේ ප්‍රථම වතාවට මුදල් අමාත්‍ය ධූරය ඉසලූ කාන්තාවය. ලෝක බැංකුවේ ආර්ථික විද්‍යාඥවරියක ලෙස වසර 25ක් සේවය ලබා දී ඇති අතර එහි සංවර්ධන හා ආර්ථික අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ පදවිය දක්වා උසස්වීම් ලැබුවාය.

කාන්තා සටන 

මීට පෙර ලෝක වෙළඳ සංවිධානයේ (WTO) අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරමින් සිටියේ රොබර්ටෝ අසිවෙඩෝය. නමුත් ධූර කාලය නිමාවීමට වසරක් තිබියදී ඔහූ ධුරයෙන් ඉවත්ව ගියේය. එනිසා පුරප්පාඩු වූ නිලයට නැවත ප්‍රධානියෙක් පත්කර ගැනීම අපේක්ෂකයන් අට දෙනෙකු අතරින් ආරම්භ විය.
පසුගිය මාසයේ පැවැති ආරම්භක සැසිවාරයේ දී අපේක්ෂකයන් තුන්දෙනෙකු ඉවත්වූ අතර ඉතිරි වූ පස්දෙනා කෙන්යාවේ අමීනා මොහොමඩ්, එක්සත් රාජධානියේ ලියම් ෆොක්ස්, සෞදි අරාබියේ අල් තුවාජ්රි, නයිජීරියාවේ එන්කෝසි ඔකොන්ජෝ සහ දකුණු කොරියාවේ යූ-මියුන්ග්-හී ය.
 දෙවැනි සැසිවාරයේ දී එක්සත් රාජධානිය, සෞදි අරාබිය හා කෙන්යාව නියෝජනය කරන අපේක්ෂකයන් තිදෙනා ද  ඉවත්ව ගියේය.  නයිජීරියාව හා දකුණු කොරියාව නියෝජනය කරන අපේක්ෂිකාවන් දෙදෙනා තුන්වන හෙවත් අවසාන සැසිවාරය සඳහා සුදුසුකම් ලැබුවේය.
ඒ අනුව ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට කාන්තාවන් දෙදෙනෙක් තරග වැදි පළමු අවස්ථාව මෙය විය. ප්‍රථම වරට කාන්තාවක් ලෝක වෙළෙඳ සංවිධානය මෙහෙයවන අවස්ථාව උදා වුනේ එසේය.

එන්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා

එන්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා නයිජීරියාවේ හිටපු මුදල් අමාත්‍යවරියයි. නයිජීරියාවේ ප්‍රථම වතාවට මුදල් අමාත්‍ය ධූරය ඉසලූ කාන්තාව වන්නේද ඇයම‍ෙ. ලෝක බැංකුවේ ආර්ථික විද්‍යාඥවරියක ලෙස වසර 25ක් සේවය ලබා දී ඇති අතර එහි සංවර්ධන හා ආර්ථික අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ පදවිය දක්වා උසස්වීම් ලබා තිබේ.

යූ-මියුන්ග්-හී

දකුණු කොරියානු වෙළෙඳ ඇමතිනිය යූ-මියුන්ග්-හී
යූ-මියුන්ග්-ගී දකුණු කොරියාවේ වර්තමාන වෙළඳ අමාත්‍යවරියයි. කොරියාවේ එම ධූරයට පත් පළමු කාන්තාවද ඇය වේ. 1992 වසරේදී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඇය ලොව ප්‍රබල දේශපාලකයන් සමඟ කටයුතු කරන්නට ලැබීමෙන් බොහෝ පන්නරයක් ලබා තිබේ. ලොව බලවත්ම රටවල් සමඟ වෙළඳ ගිවිසුම් ඇති කරගනිමින් ඇය දක්වා ඇති දක්ෂකම් මෙහිදී ප්‍රශංසාවට ලක්වේ.
 න යූ-මියුන්ග්-හී  53වන වියේ පසුවුවාය.
කෙසේ වෙතත් පිරිමින් කර හැර ගිය ලෝක වෙළෙඳ හැසිරවීමේ ආධිපත්‍යය දැන් පෞරුෂවත් ගැහැණියකට ලැබී ඇත්තේය. ඇය මේ අසීරු අවධිය කලමණාකරණය කරන අයුරු ලොවම බලා සිටින්නේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

බොදු පිළිවෙත සිරිමත් කරන වප් පොහොය…

Next Post

සත්කාර කළ පුතාට කොරෝනා…මවගේ අවසන් කටයුතු නිරෝධායන නීති  යටතේ..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.