සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසය අලුත් කරමින් ශ්‍රි දළදා මාළිගාවේ  දියවඩන නිලමේ ලෙස ප්‍රදීප් නිලංග දෑල යළි පත් වෙයි….

by editor
නොවැම්බර් 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට ප්‍රදීප් නිලංග දෑල  නැවත වරක් තේරී පත්විය.

ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරවරයා පත්කර ගැනීමේ රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම් ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී පැවැත්විණි.

මෙවර දියවඩන නිලමේ ධුරය සඳහා ප්‍රදීප් නිලංග දෑල, දමින්ද උඩුරාවණ,ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක, මහචාර්ය තිලක් සුබසිංහ,ගාමිණි කළුහෙන්දිවෙල, රොෂාන් ප්‍රියදර්ශන හා නන්ද මඩුගල්ලේ ඉදිරිපත් වන බව කල්වේලා ඇතිව ප්‍රසිද්ධ කර තිබිණි.

එසේ වුවත් මහචාර්ය තිලක් සුබසිංහ, ගාමිණි කළුහෙන්දිවෙල, රොෂාන් ප්‍රියදර්ශන හා නන්ද මඩුගල්ලේ  යන අයගේ නම් යෝජනා කිරීමට ඡන්ද දායකයින් කිසිවෙකු හෝ ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔවුන්ට රැස්වීම් ශාලාවේ රැඳී සිටීමට අවසර නොලැබිණි.

දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ ඡන්ද වීමසීම සිදුවන අවස්ථාවේ අපේක්ෂකත්වය හිමි වූයේ වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, පස්ගම ශ්‍රී නාථ දේවාලයේ සහ මහනුවර මහා  කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ හා ඇබ්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ සහ මහනුවර මහා නාථ දේවාලයේ බස්නායක නිලමේ  ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායකට ය.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ද උඩරට රාජධානි බල ප්‍රදේශයට අයත් රජමහා විහාරස්ථාන වල ගිහි පැවිදි භාරකරුවන්ද බස්නායක නිලමේවරු සහ ප්‍රාදේශීය ලේකම්වරුද දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබිණි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

මෙහි දී සමස්ත 267 ක් වූ ඡන්ද සංඛ්‍යාවෙන් ප්‍රදීප් නිලංග දෑල මහතාට ඡන්ද 195 ක් ද  දමින්ද උඩුරාවණට ඡන්ද 50 ක්ද ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායකට ඡන්ද 13 ක්ද ද ලැබිණි.

මේ අනුව ප්‍රදීප් නිලංග දෑල ට 2035 දක්වා වසර 10 ක කාලයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය හෙබවීමේ අවස්ථාව හිමිවෙයි.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට 2005 වසරේ දී ඡන්ද 199 ක් ලබා ගනිමින්  මුල්වරට තේරී පත්වූ නිලංග දෑල  2015 වසරේ දී යළිත් එම ධුරයට පත්වූයේ ඡන්ද 205 ක් ලබා ගනිමිනි. තෙවන වරටත් දියවඩන නිලමේ ධුරයට පත්වීමත් සමඟ වැඩිම කලක් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය දැරෑ පුද්ගලයා ලෙස නිලංග දෑල මහතාගේ නම ඉතිහාසයට එක්වෙයි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

2026 අයවැය යෝජනා මෙන්න! සම්පූර්ණ අයවැය කතාවත් කියවන්න….

Next Post

මහින්දානන්ද සහ නලීන් ප්‍රනාන්දු ගේ ඇප ඉල්ලීම විසිවෙයි…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.