ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ මුල් වරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියන් 03ක් පත් කර තිබේ.
මෙසේ නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස පත්වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස සේවය කළ රේණුකා ජයසුන්දර, නිශාන්ති සෙනවිරත්න සහ පද්මිණී වීරසුරිය ය.
මේ වනවිට බිම්ශානි ජයසිංහආරච්චි සමගින් කාන්තා පොලිස්පතිවරියන් 04ක් ශ්‍රී ලංකා පොලිසියට පත් වී සිටිති.
ඉතිහාසයේ මුල් වරට ළමා හා කාන්තා කාර්යාංශය වෙන් කර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර යටතට පත් කර තිබේ.
නිශාන්ති සෙනවිරත්න පොලිසියේ පරීක්ෂණ හා සංවර්ධන දිසාවත්, පද්මිණී වීරසූරියට පොලිස් සුබසාධන දිසාවත් භාර දී තිබේ.