සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපතිට අසාර්ථක වී ගෙදර යන්න බෑ ලු…

මිල්ටරි ආරක්ෂාව යටතේ බංකරයකට වී උද්ච්ඡ කතා නොකියා ගෙදර යන්න... අරගල කරුවෝ යළිත් ලියා එවති...

by editor
ජූනි 7, 2022
in පුවත්
GOTABHAYA
Share on FacebookShare on Twitter

රට මෙතෙක් නොවූ වීරූ  බිහිසුණු අගාධයකට ඇද දැමූ  ඉතිහාසයේ බිහිවූ අසාර්ථකම ජනාධිපතිවරයා තමන්ට අසාර්ථක නායකයෙක් ලෙස බලයෙන් ඉවත්විය නොහැකි බවත්, ඉතිරි ධුර කාලයේත් තමන් බලයේ සිටින බවත් කියමින් Bloomberg වෙබ් අඩවිය වෙත කර ඇති ප්‍රකාශය හෙළා දකිමින් ගෝල්ෆේස් අරගලයේ නියුතු සර්වපාක්ෂික අරගලකරුවන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

ගෝල්ෆේස් අරගලයට දින 60ක් පිරීම නිමිතිකරගෙන මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන අරගලකරුවන් කියන්නේ උද්ගත වී ඇති මහා ව්‍යසනයේ ප්‍රධාන චූදිතයාලෙස සමාජය විසින් හඳුනාගෙන ඇති  නන්දසේන ගෝඨාභයට ධුරයෙන් ඉවත්වන   ලෙස බල කරන ජන  අරගලයක්   ඇති වී තිබෙද්දී      බංකරයකට වී මිලිටරි ආරක්ෂාව යටතේ සැඟවී   සිටිමින්       සිදුකරන මෙවැනි උද්ච්ඡ ප්‍රකාශ  ජනතාවගේ වත්මන් දේශපාලන, ආර්ථික, හා සමාජ පීඩනය තවදුරටත් තීව්‍ර කරන බවය.

එම නිවේදනය පහතින් දැක්වේ.

අසාර්ථක ජන පීඩක ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වීම හැර                වෙනත් විකල්පයක් ඉතිරිව නැත.

රටේ උද්ගතව ඇති දේශපාලන, ආර්ථික හා සමාජ අර්බුදය පිළිබඳ නිසි අවබෝධයක් හෝ තක්සේරුවක් නොමැති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නම් මෙරට ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපතිවරයා තමන්ට අසාර්ථක පාලකයෙකු ලෙස ධුරයෙන් ඉවත් විය නොහැකි බවත්, තමන් ඉතිරි ධුර කාලය බලයේ සිටින බවටත්, විදෙස් මාධ්‍යයක් වෙත සිදුකර ඇති අමනෝඥ සහ උද්දච්ච  ප්‍රකාශය ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

අදට දින 60ක් ‘ගෝඨාගෝගම’ ගෝල්ෆේස් අරගල භූමිය මූලික කරගනිමින් සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව සිදුකරන පොදු මහජන අරගලයේ මුඛ්‍ය පරමාර්ථය සහ මේ වනවිට පැන නැඟී ඇති ජාතික ආර්ථික ව්‍යසනය තවදුරටත් අවබෝධ කරගැනීමට ජනාධිපතිවරයා අපොහොසත් වීම කනගාටුවට කරුණකි. රාජපක්ෂ පවුල් පාලනයේ සහ ඔවුන්ගේ ගජමිතුරු ආර්ථික උපායමාර්ග හමුවේ අසාර්ථක බංකොළොත් රටක් බවට පත්වූ අප මාතෘ භූමිය මේ ඉරණමට ගොදුරු කිරීමේ ප්‍රධානතම චූදිතයා වර්තමාන ජනාධිපතිවරයා වන බව අපගේ මෙන්ම රටේ අති බහුතර ජනතාවගේ ජන මතයයි. එවන් ජන මතයක් හරහා ජනාධිපතිවරයාට තම ධුරය අත්හරින ලෙසට ආරම්භ වී ඇති පොදුජන අරගලය හෑල්ලුවට ලක්කරමින්, බංකරයකට වී මිලිටරි ආරක්ෂාව යටතේ සැඟවී සිටින අතරතුර නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විටින් විට සිදුකරන මෙවැනි උඩඟු ප්‍රකාශ මගින් ජනතාවගේ වත්මන් දේශපාලන, ආර්ථික, සමාජ හා මානසික පීඩනය තවදුරටත් තීව්‍ර කිරීමට ඍජුව හේතු පාදක වේ.

මන්දයත් ප්‍රජාතන්ත්‍රවාදීව තමන් තෝරා පත් කරගත් ජනතාවගේ ජන මතයට සවන් දීමට අපොහොසත්ව ඇති ජනාධිපතිවරයා, මේ වනවිට පැහැදිලිවම කල් ඉකුත් වී ඇති 69 ලක්ෂයක ජනවරමක් ගැන පවසමින් බලහත්කාරයෙන් හා වංචනිකව ධුරයේ එල්ලී සිටීමට දරන මේ අශිෂ්ට උත්සාහය කිසිසේත් ජන සම්මත ක්‍රියාවක් ලෙස අපට අනුමත කළ නොහැක.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් පත් කිරීම සහ 21 වන ඊනියා කපුටු ව්‍යවස්ථා සංශෝධනය වැනි බැසිල් රාජපක්ෂගේ දේශපාලන සටකපටකම් සහ ඩීල් හරහා කල්මරමින්, පීඩිත ජන මනස වෙනතකට යොමු කරමින් රාජපක්ෂ නඩය ගෙනයන මේ ගඳගසන නරි නාටක පිළිබඳ අපි ඉතා විමසිලිමත්ව බලා සිටිමු. එම ආත්මාර්ථකාමී පටු දේශපාලන විගඩම් රටට හෝ රටේ ජනතාවට කිසිදු ජයග්‍රහණයක් අත්පත් කරදීම වෙනුවෙන් නොව හුදු රාජපක්ෂ පවුලේ හා ඔවුන්ගේ හෙංචයියන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් සිදුකරන ත්‍රාඩ මෙහෙයුම් බවද සක්සුදක් සේ පැහැදිලිය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එනිසා තවදුරටත් බංකරයක සැඟව පීඩාවට පත්ව සිටින ජනතාවට විහිළු සපයන්නකු නොවී වහා ජනාධිපති ධුරයෙන් ඉවත්ව යන ලෙස නැවතත් ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ ලෙස අපි ජනාධිපතිවරයාට දන්වා සිටිමු . එදා හමුදා නිලධාරියෙකු ලෙස සිටියදී රටේ යුදමය තත්ත්වයක් පැවැතියදී පවා තම පෞද්ගලික ආරක්ෂාව හා සුඛ විහරණය වෙනුවෙන් යුද සේවය සහ මව්රට අත්හැර ගිය වත්මන් ජනාධිපතිවරයාට ඔහුගේ ධුරයෙන් ඉවත් වී නැවත විදේශගත වීම අලුත් දෙයක් නොවන අතර, එසේ නොයන්නේ නම් එය හුදෙක්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී, බලලෝභය සහ රාජපක්ෂ කල්ලියේ දේශපාලන උවමනාව මත සිදුවන්නක් බව අපගේ විශ්වාසයයි. ඔහු තවදුරටත් ධුරයේ කටයුතු කිරීම රටට හානියක් මෙන්ම අනවශ්‍ය  වැය බරක් පමණක් බව පසුගිය වසර දෙකක පමණ පාලන කාලයේ අත්දැකීම් හරහා මනාව පැහැදිලි වන කරුණකි. එනිසා තම පෞද්ගලික උවමනාවන් නොව රටේ  සුවහසක් ජනයාගේ පොදු යහපත වෙනුවෙන් මේ මොහොතේ ස්ථාවර රාජ්‍ය පාලනයක් බිහි කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය පසුබිම නිර්මාණය කරමින් ඔහු ඉවත්ව යෑම රටේ බහුතර අපේක්ෂාවයි.

තවද රටේ ජනතාවගේ එම ජන මතයට එරෙහිව යමින් එසේ ඉවත්ව යෑමට ජනාධිපතිවරයා අපොහොසත් වන්නේ නම් ඔහු ධුරයෙන් ඉවත්ව යනතුරු අඛණ්ඩව අප විසින් ගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා සහ බලගැන්වීම් තවදුරටත් සමස්ත ජනතාව සමග එක්ව එක මිටට ප්‍රබලව හා පුළුල්ව දියත් කිරීමට ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ ලෙස අපි සූදානම් බවද දන්වා සිටිමු. ජනතාවට ජීවත්වීමට පවා විකල්ප අහිමි කළ මහජන විශ්වාසය අහිමි නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත්වීම හැර රට ගොඩගැනීම වෙනුවෙන් කළ හැකි වෙනත් කිසිදු විකල්පයක් මේ මොහොතේ ඉතිරිව නොමැති බවද ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ ලෙස  නැවත නැවතත් අපි අවධාරණය කරමු.

Share69Tweet43
Previous Post

හෙට සිට ප්‍රමුඛතා පදනමක් මත බෙදන්න ඉන්ධන තොග වෙළෙඳපලට – බලශක්ති ඇමති කියයි!

Next Post

 සජබ මන්ත්‍රී  දිලිප් වෙදආරච්චිගේ පුත්‍ර රවිඳු වෙදආරච්චි  හා ලේලිය 08 දක්වා රිමාන්ඩ්.

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.