ඉතිහාසගත ජයග්‍රහණයක් යාපනය දිස්ත්‍රික්කයේ යාපනය මැතිවරණ කොට්ඨාසයෙන් වාර්තා කරගැනීමට ජාතික ජන බලවේය සමත් වී තිබේ.
ජාතික ජන බලවේගය ලබා ගත් ඡන්ද ප්‍රමාණය ඡන්ධ 9066කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 41.5කි. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රමාණය ඡන්ද 2582කි. එය සියයට 11.8කි. සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය ලබා ගත් ඡන්ද ප්‍රමාණය ඡන්ද 1612කි. එය සියයට 7.4කි. ඊපීඩීපී පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රමාණය 1361කි. ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සියයට 6.2කි. ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය ඡන්ද 1124කි.
වාර්ගික දෙමළ පක්ෂ අභිබවා යමින් ජාතික ජන බලවේගය උතුරේ ඇති කළ මේ දේශපාලන පෙරළිය විශිෂ්ට වෙනසක් ඇති කර තිබේ.







