කීර්ති ප්‍රනාන්දු –
කොවිඩ් ආසාදිතව නිවසේ ප්‍රතිකාර ගනිමින් සිටි ගම්පහ රෝහලේ හෙදියක් අසල්වැසි කාන්තාවක් සමග ඉඩම් ආරවුලක් නිසා ඇති කරගත් බහින්බස් වීමක් අතර තුර එම කාන්තාවගේ මුහුණට කෙළ ගැසීම සම්බන්ධව පැමිණිල්ලක් කිරිඳිවැල පොලිසියට ලැබී තිබේ.
වාර්තාවන පිරිදි සිද්ධිය මෙසේය.
ගම්පහ රෝහලේ සේවය කරන මෙම හෙදිය කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග ප්‍රතිකාර සමග නිවසේ රැඳෙමින් නිරෝධායන නිර්නායක යටතේ වෛද්‍ය නිවාඩු මත සිටි අයෙකි.
මෙසේ ප්‍රතිකාර ගනිමින් සිටින අවස්ථාවේ ඇය අසල්වැසි නිවසේ කාන්තාව සමග ඉඩම් ආරවුලක් හේතුවෙන් බහින්බස් වීමක් ඇතිකරගෙන තිබේ.
බහින්බස් වීම දුර දිග යන අවස්ථාවේ කොවිඩ් ආසාදිත හෙදිය අසල්වැසි කාන්තාවගේ මුහුණට කෙළ ගසා තිබේ.
කාන්තාව වහාම කිරිඳිවැල පොලිසියට ගොස් මේ සම්බන්ධ පැමිණිලි කර ඇත. අනතුරුව ඇය රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කර තිබේ.
එම පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඇයට කොවිඩ් ආසාදිතව නැති බව තහවුරු වී ඇත.
කෙසේ වෙතත් අසල්වැසි කාන්තාව දින 14ක් නිරෝධායනටය යොමු කර තිබේ.
නිරෝධායන කටයුතු නිම වූ පසු මෙම හෙදිය හා අසල්වැසි කාන්තාව ගෙන්වා නීතිමය කටයුතු කිරීමට සූදානම් බව කිරිඳිවැල පොලිසිය කියයි