දිනසේන රතුගමගේ –
වවුනියාව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති කොරෝනා රෝගයෙන් මියගිය පුද්ගලයින් 12 දෙනෙකුගේ මළ සිරුරු ආදාහනය කිරීමට නොහැකිව දින ගණනක් පසුව ඇති නිසා එම මළ සිරුරු ඉතා ඉක්මනින් ආදාහනය කිරීමට නොහැකිනම් භූමදානය කරන ලෙස මියගිය අයගේ ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.
ආදාහනාගාර වලදී දිනකට ආදාහනය කළ හැකි මළ සිරුරු සංඛ්‍යාව සීමා සහිත වීම නිසා වවුනියාව මහ රෝහලේ මළ සිරුරු එකතු වන්නට පටන් ගෙන තිබේ.
මේ මළ සිරුරු ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම අවසන් වනතුරු පවුලේ ඥාතීන්ට දැඩි මානසික කම්පනයකින් ජීවත් වීමට සිදු වන නිසා වහාම මේ සම්බන්ධයෙන් සුදුසු පියවරක් අනුගමනය කරන ලෙස කොරෝනා රෝගයෙන් මියගොස් සිටින අයගේ ඥාතීන් ඉල්ලිමක් කොට තිබේ