ලබන මස චීනයේ සිදුකරන සංචාරයේදී ඩොලර් බිලියන 4.1ක් පමණ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීම තම සැලැස්මේ කොටසක් බව ඉක්වදෝරයේ ජනාධිපති ගුලිර්මෝ ලැසෝ පවසයි.
මෙහිදී චීනයට ගෙවීමට ඇති ණය වෙනුවට බොරතෙල් සැපයීමේ වැඩපිළිවෙළ නතර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම අවධාරණය කර තිබේ.
චීනය මේ වනවිට ඉක්වදෝරයේ ප්‍රධානතම මූල්‍ය හවුල්කරු බවට පත් වී සිටින අතර, එහිදී චීනය පතල් කර්මාන්තයේ හා වේලි ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන ගණනක ණය ලබාදී ඇති අතර ඉක්වදෝරය එම ණය වෙනුවෙන් බොරතෙල් ලබාදීමට ගිවිසුම් ගිවිසුම්ගතව සිටියි.
එහෙත් විශ්ලේෂකයන් පවසන්නේ ඉක්වදෝරය චීනය පදනම් කරගත් ආසියානු තෙල් සමාගම් සමඟ බොරතෙල් ලබාදීම සඳහා ගිවිසුම් 16ක් අත්සන් කර ඇත්තේ රටට අහිතකර කොන්දේසි යටතේ බවයි.
ණය උගුලෙන් ගැලවීමට නම් ඒවා සංශෝධනය විය යුතු බව විශේෂඥ මතය වී ඇති අතර ඒ අනුව ජනාධිපතිවරයා සිය චීන සංචාරයේ දී මෙසේ ඒ පිළිබදව සළකා බලන බව සදහන් වේ.