ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ මස්පිඬු ආබාධය සුවපත් කිරීමේ ශල්‍යකර්මයකට ඔහු සාර්ථකව මුහුණ දී ඇත.
“මම ටික කාලෙක්ට විවේකීව ගත කරනවා. , නමුත් මගේ රට වෙනුවෙන් ශක්තිමත්ව නැවත පැමිණීමට මා බලාපොරොත්තු වෙනවා…” වනිඳු හසරංග පනිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
එම පණිවිඩයේ මෙසේ ද දැක්වේ.
මහාචාර්ය හඩාඩ් සහ රෝහලේ විශ්මි කාර්ය මණ්ඩලයේ විශිෂ්ට ක්‍රියාකලාපයට ස්තූතිවන්ත වන්නට මගේ මස්පිඬු ආබාධය නිවැරදි කිරීමේ සැත්කම සාර්ථක වූ බව ඔබට සතුටින් දන්වා සිටිනවා.
මා ටික කාලයක් ක්‍රිඩා නොකරනු ඇති, නමුත් මගේ රට වෙනුවෙන් ශක්තිමත්ව නැවත පැමිණීමට මා බලාපොරොත්තු වෙනවා….
තිහාන් චන්ද්‍රමෝහන් අපගේ ජාතික කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ශ්‍රී ලංකා ක්‍රිකට්, මෙතෙක් කාර්යක්ෂමව මා ගැන බැලූ ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය, මගේ IPL ෆ්‍රැන්චයිස් කණ්ඩායම වූ RCB හි කළමනාකාරීත්වය, Shyam Impett සහ Will Quinn යන මගේ කළමනාකාරවරු, මෙම දුෂ්කර කාලය තුළ ලබා දුන් සහයෝගය වෙනුවෙන් මා කෘතඥ වෙනවා.
විද්‍යා මගේ ප්‍රිය බිරිය, මේ කාලය තුළ මගේ ශක්තිය සහ සහ වාරුව වීම ගැන ඔබට ගොඩක් ස්තූතියි. මා ඔබට කෘතඥ වෙනවා.
මෙම අවස්ථාව පුරාම මා සමඟ සිටි සහ මා දිරිමත් කළ අනෙකුත් සියලු දෙනාට සහ මගේ පවුලට බොහොම ස්තුතියි…
සියලු දෙනාටම බලාපොරොත්තු සහගතව කියනවා… අපි ඉක්මනින් හමුවෙමු.