බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉංජිනේරුවරු ඇතුළු විදුලි වෘත්තිකියන් විශාල ලෙස රට හැර යන්න අරන්… ගල් අඟුරු ජලය විදුලිය තිබුණත් විදුලි පද්ධතිය බිඳ වැටෙන ලකුණු!

by editor
පෙබරවාරි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

සිදුවෙමින් ඇති බුද්ධි ගලනයේ බරපතලකම අනුව ඉදිරියේ දී ගල් අඟුරු, ජලය හෝ ඉන්ධන තිබුණ ද විදුලි පද්ධතිය ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ   වෘත්තිකයින් පෙළා දමන බදු ප්‍රතිපත්තිය ඇතුළු රජයේ අදූරදර්ශී තීරණ මත  මේ වනවිට 700ක විදුලි ඉංජිනේරුවන් සංඛ්‍යාවෙන් සියයකට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇති බවත්, අවුරුදු 45ට අඩු සියලුම විදුලි ඉංජිනේරුවන් පාහේ වෙනත් රටවල පුරවැසි භාවය අයදුම් කර ඇති බවත්ය.

එමෙන්ම සරසවිවලින් පිටවන කිසිම නවක ඉංජිනේරුවරයෙක් බඳවා ගැනීමේ අවස්ථාව ද මේ වනවි අහිමි කර ඇති බව කී සභාපතිවරයා සරසවිවලින් පිටවන නවක ඉංජිනේරුවරුන්ටත් විදේශවල ආකර්ශනීය රැකියා අවස්ථා ඇති බවත්, විදුලි හා යාන්ත්‍රික අංශවල විදුලි ඉංජිනේරුවරුන් සඳහා ඔස්ට්‍රේලියාව,  හොඳ වැටුප් සහ වෘත්තීය තත්ත්වයන් සමග රැකියා ලබා ගත හැකි බවත්ය.

විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න

නිහාල් වීරරත්න මෙසේ ද පැවසුවේය.

“ ඉංජිනේරුවො විතරක් නෙමෙයි,  මේ වනවිට  තාක්ෂණික අංශයේ වැඩ කරන සේවකයොත්     ඉල්ලා අස්වීම් දීලා තියනවා.    ඉංජිනේරුවො සියයකට වැඩි ගණනක් මේ වනවිට රට හැර ගිහින් තියනවා.”

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

“යන්න හේතු කීපයක් තියනවා.  රට ආර්ථික වශයෙන් කඩා වැටීම නිසා ඩොලර් හොයන්න කියලා රජය වෘත්තිකයින්ට අවුරුදු  පහක නිවාඩුවක් දුන්නා. ඒ නිසා ටිකක් ගියා. ඊට පස්සේ මේ අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය නිසා  රට හැර යන ගමන  සීඝ්‍ර වුනා.  මොකද තමන්ගෙ වැටුප ණය තුරුස්වලට යොදවලා ජීවිතය සැලසුම්කළ  ගොඩක් අයට මේ බදු ක්‍රමයත් එක්ක ජීවිතය ගෙනියන්න වැටුපක් නැති වුනා. “

“එහෙම තත්ත්වයට රට පත් වුනා. රටේ අනාතගතය වෙනුවෙන් අපට අවශ්‍ය වෙන්නේ තරුණ ඉංජිනේරුවො.. ඔවුන් අවශ්‍ය වෙනවා බලාගාර මෙහෙයුම් කටයුතුවලට,  නඩත්තුවලට, සැලසුම් කටයුතුවලට. අය ක්‍රමය සකස් කරන තැන්වලට, තොරතුරු තාක්ෂණයට… එත් මේ රට හැර යන සියලු දෙනාම තරුණ ඉංජිනේරුවො.”

“විදේශවල හොඳ රැකියාවක් කරන්න පුලුවන් අය තමයි මෙහි රැඳිලා හිටියෙ. 1998ට කලින් ලංකාවේ මේ තත්ත්වය තිබුණා. 1998 දි වැටුප් විෂමතාවයන් ඉවත් කරලා සැලකිය යුතු වැටුපකට ඉංජිනේරුවරු ඇතුළු වෘත්තිකයො සේවයේ පිහිටෙව්වා. මේක රාජ්‍ය සේවාවක් නොවෙයි.  මණ්ඩලයක්, පැය 24 පුරාම අනිවාර්යයෙන් රටට අවශ්‍ය  සේවාවක් ලබා දෙන තැනක්.”

“මේ නිසා 1998 දී  හොඳ වැටුප් ව්‍යුහයක් ක්‍රියාත්මක වුනා. එතැනදි බුද්ධි ගලනය නැවතුනා. වෛද්‍යවරුන්ගේ බුද්ධි ගලනය නැවතුනා පුද්ගලික ප්‍රතිකාර සේවාවන්ට ඉඩ දුන්නට පස්සේ. “

“ඉන් පස්සේ පළමු වරට නැවතත්   බැරෑරුම් විදිහට මේ බුද්ධිගලනය සිදුවෙනවා. මේ වනවිට රජයේ ප්‍රතිපත්තිවලට අනුව විශ්වවිද්‍යාවලින් බඳවා ගැනිම් නවත්වලා තියනවා. ඒ නිසා ක්ෂේත්‍රයට එන්න ඉන්න ඉන්න තරුණ පිරිස මුලින්ම  යනවා. “

පුලුවන් අය ගිහින්    යන්න බැරිව ඉතිරිවෙන  අයට හිතේ සතුටින් වැඩ කරන්න බැරි වෙනවා. 2021 ලෙඩ නිවාඩු දීමනාව දීලා නෑ. අනෙක් වරප්‍රසාද කප්පාදු කරලා.   ඇගයීමක් හිතේ සතුටක් නෑ. තෘප්තිය නෑ. 2022 ප්‍රසාද දීමනා නෑ. ඒ අතරෙ වැඩ ධාරිතාව වැඩි වෙලා තියනවා. මිනිස්සු රැකියා තෘප්තියක් නැතිව  වහල්ලු වගේ වැඩ කරන්න කැමති නෑ, මේ කඩාවැටීම ඇතුලෙ ඉන්ධන ගල් අඟුරු ජලය තිබුණත් විදුලි බලාගාර සහ සමස්ථ විදුලි බල පද්ධතිය බිඳ වැටීම වළක්වා ගන්න බැරිවේවි.

මේ සම්බන්ධව අවස්ථා ගණනාවක දි  සභාපතිවරයා දැනුම්වත් කළා. සාමාන්‍යාධිකාරීවරයා දැනුම්වත් කරලා තියනවා. ඒ අය මේ සම්බන්ධව මණ්ඩලයේ ඉහළ බලධාරීන් අමාත්‍යාංශය දැනුම්වත් කරලා තියනවා.  බඳවාගැනීම් කරන්න කියලා ඔවුන් අවස්ථා ගණනක දි කියලා තියනවා.

ඒත් ඇමතිවරයා කියන්නෙ 26000ක අනුමත විදුලි බල සේවකයින් අඩු කරලා  4500න් දුවන්න පුලුවන් කියලා.

ඔබ හිතනව ද මේ තත්ත්වයට මේ රට හැර යන අයට දොස් කියන්න පුලුවන් කියලා.    මමත් කැනඩාවට ගිහින් හිටිය කෙනෙක්. යුද්ධයක් ඉවරවෙනකොට අපි හිතුවා රට හරි යයි කියලා. අපි මේ රටට ආවා. නමුත් අන්තිමට වුනේ මේකයි. පාලකයො තමන්ගේ තීරණ රට ගැන හිතලා වෙනස්වනතුරු මේ තත්ත්වය වෙනස් කරන්න බෑ.

විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලෝකයේම  ඔත්තු සැණෙකින් ගන්න ගහන  තාක්ෂණික “චීන කටු“

Next Post

මයන්ත සහ හර්ෂ අතර වෙනස…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.