බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මයන්ත සහ හර්ෂ අතර වෙනස…

by editor
පෙබරවාරි 25, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

චාමින්ද වාරියගොඩ –

ගෝඨාභය රාජපක්ෂ ගේ පාලනය මැද රට බිඳ වැටෙද්දී ඒ වෙනුවෙන් පැවති පාර්ලිමේන්තු විවාදවල ආකර්ෂණීය කථිකයකු වූයේ රනිල් වික්‍රමසිංහය . රටේ පැරණිතම දේශපාලන පක්ෂයක් වු එක්සත් ජාතික පක්ෂය ත්‍රී වීල් පක්ෂයක මට්ටමට පත් වෙමින් බෝනස් ඡන්දවලින් ලැබුණු පාර්ලිමේන්තු ආසනය එක්සත් ජාතික  පක්ෂ නායකා ලෙස මන්ත්‍රී ධුරයට පත් ඔහු ගෝඨාභය ලා ඇද දැමූ මේ දරුණු ආර්ථික අර්බුදය ජය ගත හැක්කේ පාර්ලිමේන්තුව ලෙස එක්ව ක්‍රියා කරමින් බව නිතර නිතර මන්තරයක් සේ  කී ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයකු විය.

Ranilපාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කාටත් ඉහළින් විශ්වාසයක් තබා සිටින මේ මන්ත්‍රීවරයා රටේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන ආකාරය අමුතුවෙන් කිව යුතු නැත.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පවා පාර්ලිමේන්තුව පැවත්වෙන දවස්වලට මැති සභයට  පැමිණ යමක් ප්‍රකාශ කිරීමෙන්  ඔහු ප්‍රකට කළේ රටේ පාර්ලිමෙන්තුව සතු ශක්තිය ඔහුට තිබූ අසම විශ්වාසය බවය.  මේ විධායක ජනාධිපතිවරයාගේ ක්‍රියාදාමය ගැන  බලන ලෝකයේ ඕනෑම දේශපාලකයකු පිළිගන්නේ  ලෝක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති විධායක නායකයා රනිල් වික්‍රමසිංහ  බවය.

එහෙත් මේ වනවිට  පාර්ලිමේන්තුව එනම් ව්‍යවස්ථාදායකයත් ඔහු  අතේ පවතින විධායකයත් එක් කොට අමුතුම හයිබ්‍රිඩ් ප්‍රජාන්ත්‍රවාදයක් සමාජ ගත කරවන්නට උත්සාහ දරන බව පෙනෙන්නේ ඔහු මේ වනවිට කරන කියන දේවලිනි.

ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය පිළිබඳව පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට පැමිණ  කළ කතාව පිළිබඳව රටේ රාජ්‍ය නිලධාරීන්ට ඇත්තේ ජුගුප්සා ජනක හැඟීමකි. ඔහු තමන් සතු බලතල අවභාවිත කරමින් රටේ ජනතාවත් පාර්ලිමේන්තුවත් රාජ්‍ය නිලධාරීනුත් හෑල්ලුවට ලක් කරමින් ක්‍රියාත්මක වන ස්වරූපයක් අපට දැකිය හැකිවිය.

එය වෙනම කතා කළ යුතු කතාවකි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එහෙත් එදිනම මාතෘකාවක් වුණු රාජ්‍ය මුදල් කාරක සභාවේ මුල් පුටුව එනම් සභාපති ධුරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ  රජයේ පාර්ශ්වය පාර්ලිමේන්තුවේදී ක්‍රියා කළ ආකාරය සහ එහිදී සිදුවූ ක්‍රියාදාමය නිරීක්ෂණය කිරීමේදී පාර්ලිමේන්තු  ප්‍රජාතන්ත්‍රවාදයත් ඔහු සතු විධායක බලයක් අවභාවිත කරමින් කටයුතු කරන්නට සැරෙසෙන බවට පෙර ලකුණක් වැනිය.

රාජ්‍ය මුදල් කාරක සභාව

රාජ්‍ය මුදල්  කාරක සභාවේ මූලික වගකීමක් වන්නේ ව්‍යවස්ථාදායකය ලෙස මහජනතාවගේ මුදල් පරිහණය කිරීමේදී වඩාත් වගකීම් සහගතව පරිහරණය කිරීම සඳහාවන සීමා මායිම් රාමුව සකස් කර එය නියාමනය කිරීමය.

ඒ අනුව 11 දෙනකුගෙන් සමන්විත වන මෙම කාරක සභාවේ කටයුතු ලෙස පහත ඒවා දැක්විය හැකිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය යටතේ ආදායම් එකතු කිරීම,  ඒකාබද්ධ අරමුදලෙන් ගෙවීම,  නීතිය මගින් නිශ්චිත වූ  අරමුණු සඳහා පොදු අරමුදල් භාවිතා කිරීම, රාජ්‍ය  අරමුදල් යෙදීම, වත්මන් වර්ෂය සඳහා විසර්ජන පනතේ අඩංගු විසර්ජන අවපාතයන්, විසර්ජන මාරු කිරීම සහ අනපේක්ෂිත ශේෂය පරීක්ෂා කිරීම,  අදාළ වර්ෂය සඳහා විසර්ජන පනත එනම් අයවැය  ක්‍රියාත්මක කිරීම ආදී කටයුතු වගකීමෙන් යුතුව පරීක්ෂා කර අනුමත කිරීම ඊට පත්වන මහජනතාවගේ නියෝජිතයන් වන මන්ත්‍රිවරුන්ගේ වගකීම වේ.

හර්ෂගේ පත් කිරීම පිළිබඳ එකඟතාවය

මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් වන මන්ත්‍රීවරයා තෝරා පත් කර ගැනෙන්නේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව තුළිනි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට අනුව  මෙම කාරක සභාව මීට පෙර රැස්වූ අවස්ථාවලදී එහි සභාපති ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කිරීම පිළිබඳව කාරක සභා සාමාජිකයන් තුළ යම් සම්මතයක් තිබිණි.

ඒ අනුව ආචාර්ය හර්ෂ ද සිල්වා  ජනාධිති රනිල් වික්‍රමසිංහ පොදුවේ රටට කියන ආකාරයෙන්ම පාර්ලිමේන්තුව හරහා රටේ මුදල් පරිහරණය රටේ බදු ප්‍රතිපත්තිය ඇතුළු  ආර්ථික කාරණා නිවැරදි  මාවතට ගෙන එන්නට පසුගිය කාලය තුළ තීරණාත්මක කාර්යයක් ඉටු කළේය. ඔහු නිසා බොහෝ කරුණු නිවැරදි විය. එසේම ඔහු නිසා බොහෝ දුෂණයන්ද වැලකිණ.

කලින් මෙම ගිණුම් කාරක සභාව කළේ දෙන ලියවිල්ලකට අත්සන ගසා ආපසු යැවීම පමණි. එහෙත් ආචාර්ය හර්ෂ රජයේ මුදල් පරිහරණය පිළිබඳව වගකීමක් ඇති පාර්ලිමේන්තුවේ මෙම කමිටුව සඳහා ඉතිහාසයේ මුල් වරට තාක්ෂණ කමිටුවක් පත් කළේය. මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අත්දැකීම් ලත් නිලධාරියකු ඇතුළු වෘත්තිකයන් පත් කර බොහෝ වැරදි නිවැරදි කිරීමට කටයුතු කළේය.

මේ ක්‍රියාදාමය තුළින් අරගල සමයේ රනිල් වික්‍රමසිංහ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු ප්‍රජාතන්තුවාදය පිළිබඳව කියූ සුන්දර කතා යාන්තමට හො යථාර්ථයක් වන ලකුණක් පෙන්නුම් කළේය.

හර්ෂ ද සිල්වා කවුද?

යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පැවති විෂය පථය යටතේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක වගකීම් දැරූ ආචාර්ය හර්ෂ ද සිල්වා ආයාත නිර්යාත ගැන   කතා කරන  කතා තර පොතේ ගුරෙකු නොව ප්‍රායෝගිකවම ආර්ථිකය තුළ සක්‍රිය වැඩ කර පෙන්වා ඇති පුද්ගලයෙකි.   ඔහු ඇමෙරිකා මේසුරි ප්‍රාන්තයේ ටෘමන් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා උපාධිය හදාරා  ඇති ඔහු මිසුරි විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය ද හිමි කර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන බැංකුවක් වන ඩී එෆ් සී සී බැංකුවේ හිටපු  ප්‍රධාන ආර්ථික විද්‍යාඥයාය. එසේම ශ්‍රි ලංකාවේ  ප්‍රධාන පෙළේ වෙළෙඳ සමීක්ෂණ ආයතනයක් වන නීල්සන් සමාගමේ සම නිර්මාතෘවරයාය.

අද පක්ෂ විපක්ෂ කාටත් එක දුරකථන අංකයකින් අමතා පිහිට ලබා ගත හැකි 1990 ගිලන් රථ සේවය ඉන්දීය පරිත්‍යාගයක් ලෙස ශ්‍රි ලංකාවට ලැබුණේද නේ ආචාර්ය හර්ෂ නිසාය. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ඉන්දීය සංචාරයක් වෙනුවෙන් ශ්‍රි ලංකාවට අවශ්‍ය මොනවාදැයි ඇසූ විටෙක එකල අපට  අවශ්‍යතාවක් පැවැති මේ ගිලන් රථ සේවය යෝජනා  කළේ ඔහුය. ඒ බව  ජනාධිපති වික්‍රමසිංහ ද හොඳින් දනී.

ගෝඨාභය වැනි මිලිටරි බලය ගැන වැඩි විශ්වාසයක් තබා සිටි නායකයකුටවත් මෙල්ල කරන්නට බැරිවූ සහල් මාෆියාවට අභියෝග කළ හැකි මට්ටමට රටේ කුඩා පරිමාණ සහල් නිෂ්පාදකයන් ඒකරාශී කරමින් සහල් වෙළෙඳපොළ තුළ තරගකාරී පසුබිමක් නිර්මාණය කිරීමට ආචාර්ය හර්ෂ ගේ වැඩපිළිවෙළ ට හැකි වූ බව අකැමැත්තෙන් වුද ඩඩ්ලි සිරිසේන ලාද පිළිගනිති.

ටොන් ගණන් එළවළු කුණු වෙන රටක ශීත කාමර ශීත ගබඩා කතා සාප්පුවලට පමණක් සීමා වු තත්වයක ඉන්දිය රජයේ සහන යටතේ දඹුල්ලේ දැවැන්ත ශීතාගාරයක් ඉදිකරකන්නට මුල පිරුවේ ද ආචාර්ය හර්ෂය. එහෙත් මෙතෙක් ඒ කාර්යය අවසන් කර ගැනීමට දඹුල්ල ආර්ථික කලාපයේ නිර්මාතෘ යයි කියා ගන්නා බන්දුල ගුණවර්ධනටවත් නොහැකි විය.

ජාත්‍යන්තර ආර්ථිකය සහ රටේ මූල්‍ය කළමනාකරණය පිළිඳව ප්‍රාමාණික අවබෝධයක් ඇත්තකු ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ශ්‍රි ලංකාව යා යුතු බව ආචාර්ය හර්ෂ කීවේ මේ අර්බුදයේ  එළිපත්තට ශ්‍රී ලංකාව පිවිසෙනවාත් සමගය.

එයින් පෙනෙන්නේ ඔහු සාපේක්ෂව යමක් කමක් කළ හැකි බව පෙන්වූ මහජන නියෝජිතයකු බවය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සිටින එකම දක්ෂයා ආචාර්ය හර්ෂ යයි පැවසීමට අප ඉක්මන්  වන්නේ නැත. සැබවින්ම ඔහුට කලින් රාජ්‍ය මුදල් කාරක සභා සභාපති ධුරය දැරූ අනුර ප්‍රියදර්ශන යාපා හිටපු අමාත්‍යවරයාද එම කාරක සභාව තුළ සාධනීය කාර්යක් කළ බව අමතක නොකළ යුතුය. එවැනි කාරක සභාවක් පාර්ලිමෙන්තුවේ තිබෙන බව රටට ඒතතු ගන්වන තරමට ඔහු  යම් කාර්යයක් සිදු කළේය.

කෙසේ වුවද ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරයට ඔහු පත්වනවා දකින්නට මේ රටේ පක්ෂ වික්ෂ කවුරුත් කැමතිය.

රටට සැබෑ ආදරයක් ඇත්නම් මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ වැන්නන් පවා එහි ගුණ දකින බව නිසැකය.

පාර්ලිමේන්තුව හසුරුවන නොපෙනෙන බලය 

මේ පොදු සම්මතයෙන් බැහැර වන්නට දැඩි ඕනෑකමකින් මෙහෙයවුණු පාර්ලිමේන්තු අභ්‍යන්තර සාධකය කවුරුන්ද?. නිසැකවම ඒ සඳහා බලපාන පොදු දේශපාලන සාධක දෙකක් දැකිය හැකිය. එකක් මේ කාරක සභාව හරහා ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රතිරූපය ඉස්මතු වීම තුළ ඔහුගේ නායකත්ව විභවය පිළිබඳව යමකුට බියක් ඇති  වීමය. එහෙත්   හර්ෂ අද පාරලිමෙන්තුවේ සිටින අතැමුන් තරම් දේශපාලන උන්නතිකමියකු නොවන බව පොදු පිළිගැනීමය.

ඔහුගේ පත්වීමට බිය  වන අනෙක් පිරිස රාජ්‍ය මුදල් එනම් මහජන මුදල් තමන්ට සිත් සේ අවභාවිත කිරීමට පවතින ඉඩකඩ ඇහිරෙනවා දැකීමට අකැමැති පිරිසය. රට බලාපොරොත්තු වන පාරිශුද්ධ භාවය, විනිවිද භාවය අපේක්ෂා නොකරන පිසාචයින් ඔහුගේ පත්වීමට විරුද්ධය. පාර්ලිමේන්තුවේ කවුරුත් ආචාර්ය හර්ෂ මේ තනතුරුට නුසුදු යයි නොකියා ආණ්ඩු පක්ෂ බලයෙන් මයන්ත දිසානායක පත් කර ගන්නේ ඒ නිසාය.

මයන්ත දිසානායක

මයන්ත දිසානායකට පවතින ප්‍රධාන දේශපාලන සුදුසුකම කීර්තිමත් දේශපාලකයකු වන ගාමිණි දිසානායකගේ පුතා වීමය. ඔහුගේ වැඩිමහල් සහෝදරයා නවීන් දිසානායක වරක් පැවසුවේ තමන්ගේ පියා අති විශිෂ්ඨ දේශපාලකයකු වන අතර ඔහු ගේ අසහාය චරිතය අසළටවත් ළඟා වීමට ඔහුගේ පුතුන්ට හැකියාවක් නැති බවය.

මයන්ත දිසානායක දැඩි කෑදරකමකින් යුතුව සිය පක්ෂ සගයන්ගේ ඉල්ලීම් නොසලකා මේ තනතුර බදා ගත් බව නොරහසකි. එබැවින් අපි ඔහුගේද සුදුසකම් ගැන උනන්දු වූයේ ඔහුටත් මේ පිළිබඳව යහපත් අපේක්ෂාවන් සහ හැකියාවන් ඇති බවට වන පූර්ව නිගමනයකිනි.

මයන්ත දිසානායක ඇමෙරිකාවේ රොටසෙස්ටර් තාක්ෂණ ආයතනයේ ව්‍යවහාරික කලා සහ විද්‍යා උපාධියක් සඳහා අයදුම් කර  අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබුණද එම උපාධිය සම්පූර්ණ කර ඇති බවක් ඔහුගේ ජීව දත්ත වාර්තා මඟින් සනාථ නොවෙයි.

ඒ වෙනුවට ඔහුට ඇත්තේ ස්ව්ට්සර්ලන්තයෙන්  සහ එංගලන්තයෙන් ලබා ගත් ඩිප්ලෝමා සහතික කිහිපයකි.

ඔහු බදාගත් මේ නව භූමිකාවට කෙසේ පණ දෙන්නේද සිය පියාගේ ගෞරවය කොතෙක් දුරට රැක ගන්නට ඔහු සමත්කමක් දක්වන්නේද යන්න ගැන අපි බලා සිටිමු.

කෙසේ වුවද සභාපතිකම සඳහා යෝජනා වී සිටි ආචාර්ය හර්ෂ ට එය අහිමි වු පමණින් ලොකු අලාභයක් අවාසියක් සිදුවන්නේ නැත. ඒ කාලය ඔහු වෙනත් වැඩකට යොමු කරනු ඇත. ඇතැම් විට හිතුනොත් මන්ත්‍රිකමද අතහැර මිලියන ගණනක වැටුපකට පිටරටකටද යන්නට යනු ඇත. එසේ වුනොත් වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රාර්ථනා කරන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන එවැනි බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට අහිමි වී මහජන ධනය සහ මහජන බලය අවභාවිත කරන “බුදිමතුන් “ රජ වීමය.

අධ්‍යාපන සහ දේශපාන සුදුසුකම්වල අන්තරය

ආචාර්ය හර්ෂ ද සිල්වා

Harsha-De-Silva

මූලික අධ්‍යාපන – කොළඹ රාජකීය විද්‍යාලය
උසස් අධාපනය – ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව විද්‍යාවේදී උපාධිය ටෘමන් විශ්ව විදයාලය ඇමෙරිකාව
ආචාර්ය උපාධිය – මිසුරි විශ්ව විද්‍යාලය ඇමෙරිකාව
වෘත්තීය අත්දැකීම් – DFCC බැංකුවේ හිටපු ප්‍රදාන ආර්ථික විද්‍යාඥ සහ භාණ්ඩාගාරික, නීල්සන් සමීක්ෂණ ආයතනයේ සම නිර්මාතෘ

මයන්ත දිසානායක

මූලික අධ්‍යාපනය – කොලඹ රාජකීය විදයාලය
උසස් අධ්‍යාපනය – ඇමෙරිකාවේ රොසෙස්ටර් විශ්ව විදයාලයයේ ව්‍යවහාරික කලා සහ විද්‍යා උපාධි අපේක්ෂකයෙකි. ( උපාධිය හදාරා නිම කර නැත.),  ස්විට්සර්ලන්තයේ බෙන් සරසවියේ නිරීක්ෂන සහ ඇගයීම් පිලබිඳ ඩිප්ලෝමාව.
එංගලන්තයේ ලන්ඩන් කොලේජ් එෆ් ප්‍රින්ටින් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුටිව් ට්‍රේඩ්ස් ආයතනයෙන් B.Tec ජාතික ඩිප්ලෝමාව.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉංජිනේරුවරු ඇතුළු විදුලි වෘත්තිකියන් විශාල ලෙස රට හැර යන්න අරන්… ගල් අඟුරු ජලය විදුලිය තිබුණත් විදුලි පද්ධතිය බිඳ වැටෙන ලකුණු!

Next Post

මැයි 9 -10   කලබලයේ දී ශවේන්ද්‍ර සිල්වා වගකීම් පැහැර හැරලා… CID විමර්ශනයක් කරන්නැයි කරන්නාගොඩ කමිටුව නිර්දේශ කරයි!

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.