ඇෆ්ගනිස්ථානය තුල පසුගිය කාලය තුල ඇණහිට තිබූ ව්‍යාපෘති 20ක් යලිත් ඉන්දියාව විසින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව තලේබාන් සංවිධානය විසින් ඉකුත් දා නිවේදනය කරනු ලැබීය.
ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ්‍ය ප්‍රකාශ කර සිටියේ ඉන්දිය නියෝජිත භාරත් කුමාර් මේ බව තලේබාන් සංවිධානයට නිල වශයේ දැණුම් දී ඇති බවයි. ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීමට මෙහිදී දැඩි අවධානයක් යොමුකරන බවද කුමාර් සඳහන් කර තිබේ.
ඉන්දීය නියෝජිත කුමාර් මේ බව සඳහන් කර සිටියේ පසුගියදා ඇෆ්ගනිස්ථානයේ නාගරික සංවර්ධණ අමාත්‍ය හම්දුල්ලා නොමානි අතර පැවති විශේෂ ද්වීපර්ශවීය සාකච්ඡාවක් අතරතුරදීය. එහිදී ඇෆ්ගනිස්ථාන නාගරික සංවර්ධන අමාත්‍යංශය සිය නිල ට්ව්ටර් ගිණුමේ සඳහන්කර සිටියේ “ඉන්දියාව අපේ රටේ පළාත් කිහිපයක අවම වශයෙන් ව්‍යාපෘති 20 ක වැඩ නැවත ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කරන බවට ඉන්දීය නියෝජිත භාරත් කුමාර් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හම්දුල්ලා නොමානි සමඟ පැවති හමුවකදී අනාවරණය කළේය.”
මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රකාශක මොහම්ඩ් කමල් ප්‍රකාශ කර සිටියේ, “පසුගිය රජය සමයේ ඒවා ක්‍රියාත්මක කරන ලද නමුත් දේශපාලන වෙනස්කම් හෝ වෙනත් ගැටළු හේතුවෙන් ඒවා ප්‍රමාද විය. එහෙත් ඉන්දියාව දැන් එම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට උන්න්දුවෙලා තියෙනවා. මේ ව්‍යාපෘති මගින් අපේ රට තුල නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමටත් රට තුල සංවර්ධන අවස්ථා ඉහළ නැංවීමටත් හැකියාව ලැබෙනවා.” යනුවෙනි.
ඇෆ්ගනිස්ථානයේ පාලන බලය තලේබාන් සංවිධානයට නතුවීමත් සමඟ විදේශ රටවල් එරටට ලබාදුන් ආධාර විශාල වශයෙන් අත්හිටවූ අතර එමගින් එරට ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ලවිය.