ඇහැලියගොඩ තලාපිටිය ප්‍රදේශයේ මේ වනවිට ඉදිකෙරෙමින් පවතින ජල යෝජනා ක්‍රමයක් හදිසියේ වෙනත් ප්‍ර ප්‍රදේශයකට යොමු කිරීමට දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වන බවට චෝදනා කරමින් අද එම ප්‍රද්ශයේ වැසියන් විසින් පවත්වන ලද විරෝධාතාවක් හමුවට පැමිණි ජල සම්පාදන තටයුතු පිළිබඳ අමාත්‍ය වාසුදේව නානායක්කාරට එම ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල විය.
අමාත්‍යවරයා මේ සම්බන්ද කටයුත්තකට අද එම ප්‍රදේශයට පැමිණීමට නියමිතව තිබූ අතර එම මාර්ගය හරස්කරමින් ඔවුන් විරෝධතා දක්වා ඇත.
මෙම විරෝධතාව මැඩගෙන වාහනයෙන් බැස ඉදිරියට පැමිණි අමාත්‍යවරයාට ප්‍රදේශයේ ජනතාව බාධා කළ අතර එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
මෙම තත්ත්වය පාලනය කරගෙන තම අදහස් දැක්වීමට අමාත්‍ය නානායක්කාර මහතා උත්සාහ කළද එයට ජනතාව දැඩි විරෝධය පල කළ අතර ඇතැමෙක් හූ හඩින් සංග්‍රහ කිරීමට ද කටයුතු කළහ.
මෙම තත්ත්වය හේතුවෙන් අමාත්‍යවරයාට මෙම ස්ථානයෙන් පිටව යන්නට සිදුවූ බවද වාර්තා වේ. අමාත්‍යවරයා නික්ම ගිය පසුවද ඊට සම්බන්ධිත ප්‍රාදේශීය දේශපාලකයන් සහ ජනතාව අතර උණුසුම් තත්වයක් නිර්මානය වූ අතර පොලිය මැදිහත් වීමෙන් එම තත්වය පාලනය කර ගත හැකිව තිබේ.