ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාවට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් විශාල අර්බුදයක් නිර්මාණය වී තිබේ.
එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා ගත්විට වෛරසයට එරෙහිව එම පුද්ගලයන් ගේ සිරුරු තුළ ප්‍රතිදේහ ප්‍රමාණයක් ඇතිවන බවත් කොවිඩ් වෛරසය එම පුද්ගලයින්ගේ සිරුරුවලට ඇතුළු වුවහොත් බිහිසුණු විකෘති ප්‍රභේද ඇතිවීමේ යම් අවදානමක් ඇති බවත් මේ වනවිට විශේෂඥවරු අනතුරු හඟවා ඇත.
කෙසේ වෙතත් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව සඳහා එන්නත් ලබා ගැනීමේ දුෂ්කරතාවය පිළිබඳ ප්‍රකාශයක් කරන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නත හදන සිරම් ආයතනයට ඉන්දියාව මුහුණ දී ඇති අර්බුදය නිසා එන්නත් සැපයිම ඉන්දියාවෙන් පිටට කළ නොහැකි වී ඇති බවය. මේ වනවිට නිපදවන එන්නත් ප්‍රමාණය ඉන්දියාවටත් මදි වී ඇතැයි ඔහු පෙන්වා දෙන්නේය.
මේ වනවිට ඇත්තේ එන්නත් මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් නොව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනයටවත් එම එන්නත සොයාගැනීම අද දුෂ්කර වීම බව පවසන ඔහු කොවිෂීල්ඩ් එන්නත හැකිනම් ලබා දෙන්නැයි රජයක් ලෙස සිරම් ආයතනයෙන් ඉල්ලීම් කර ඇති බව පැවසුවේය.