ඉදුනිල් කහටපිටිය –
මෙවර ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා වෙනත් වසරවලට වඩා වැඩි ජනතාවක් පැමිණෙනු ඇති බවට අනුමාන කර ඇතැයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක පවසයි.
අගෝස්තු මස අවසානයේ දි පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත් වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් ක්‍රීඩා තරඟ සඳහා මේ වන විටත් ඉන්දියාවේ අලෙවියට තබා තිබූ ටිකට්පත් දහහතර දහසක් අලෙවි වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද ඔහු කීවේය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින එම තරඟාවලිය නැරඹීමට ද දෙස් විදෙස් විශාල ජනතාවක් සහභාගි වීමට නියමිත අතර බහුතරයක් ඇසළ පෙරහර මංගල්‍යය නරඹනු ඇතැයිද විශ්වාස කරන බව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීය.
මෙම කරුණු සියල්ල සලකා බලා පෙරහර සමයේ මහනුවර නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පන්දහස් පන්සීයක ට ආසන්න ප්‍රමාණයක් යොදවා ඇතැයි ද සංචාරක පොලිසිය හරහා විශේෂ විදේශීය සංචාරකයින්ගේ පහසුව සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද ඒ ඔහු කීය







