චීන විදේශ අමාත්‍ය වැග් යී විසින් විශේෂ ගෝලීය සංචාර මාලාවක් ආරම්භ කරමින් චීනයෙන් නවතම මොහොයුම ආරම්භ කර ඇත.
ඒ අනුව චීන විදේශ අමාත්‍යවරයා විසින් පසුගිය කාලයේදී ලොව පුරා ඉතා ප්‍රවේගකාරීව සංචාරය කරමින් සිටින අතර මේවන විට පැසිපික් දූපත්, මධ්‍යම අසියාවේ සහ අප්‍රිකාවේ සංචරකය කර අවසන්ය.
එම සංචාර වලදී මූලික වශයෙන් දැක ගැනීමට හැකි වූ ලක්ෂණ කිහිපයක්ම තිබුණු බවට විශ්ලේෂකයින් පෙන්වා දෙයි. මෙහිදී චීන විදේශ අමාත්‍යවරයා විසින් සිය සෑම සංචාරයකදීම චීනයේ ප්රබලතම අභියෝගකරු වන ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිරූපයට හානි වන අයුරුන් කටයුතු කරන අයුරු දැක ගැනීමට හැකිවිය.
මෙම සංචාර වලදී අමාත්‍ය යී ඉතා සූක්ෂමව බීජි පාලනය බලාපොරෝත්තු වන සිය චීන ව්‍යාප්තවාදී අරමුණු ඉටුකරගැනීමටද පියවරගෙන්නා බවද ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වාදෙයි.
මීට අමතරව චීන විදේශ අමාත්‍යවරයා තමන් සංචාරය කළ සෑම රටකදීම සෘජුවම තමන් කුමන හේතුවක් මතවත් ඇමරිකානු එක්සත් ජනපද බලපෑම් වලට නතු නොවන බව ඉතා පැහැදිලිව සඳහන් කිරීමට පියවරගෙන තිබිණි.
මෙයට කදිම උදාහරණය වන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී ජේ බ්ලින්කන් ඉන්දුනීසියාවේ හමුවූ අවස්ථාවේදී චීන විදේශ අමාත්‍යවරයා විසින් ඇමරිකාව වහාම නිවැරදි කරගතයුතු කරුණු හතරක් ඉදිරිපත් කිරීමයි.
ඒ අනුව යී විසින් ඉතා පැහැදිලිව තමන් ප්‍රධානියා වන ජන්පින් ජනාධිපතිවරයාගේ මතය ලොවපුරා පැතිරවීම සිදුකරයි. එහිදී කිසිම අවස්ථාවක දැඩි තීරණ ගැනීමටත් සිය අරමුණ කරා ගමන් කිරීමේදී කිසිම අවස්ථාවක බාහිර සාධක වලට තම ගමන පාලනය කිරීමට ඉඩ නොදීමද ඉතා හොදින් පෙන්නුම් කරයි.