සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවේ වියරුව – ඉරානය බිත්තියට හේත්තු කළොත් ලෝකයම ව්‍යසනයකට… ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති!

by editor
ජනවාරි 30, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කපිල කේ. හීනටියන – 

දශක භාගයකට ආසන්න කාලයක් තිස්සේ ඉරානය ඇමරිකා එක්සත් ජනපදය සමඟ යුද්ධයකට සූදානම් වෙමින් සිටී. ඇමරිකාවේ මිලිටරි බලයට සෘජුවම මුහුණ දීමට නොහැකි වුවද, මැදපෙරදිග කලාපයට සහ ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි ක්‍රමවේදයන් කෙරෙහි ටෙහෙරානය අවධානය යොමු කර ඇත.

ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා සමූහයක් මැදපෙරදිගට පැමිණීම සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීමත් සමඟ පුළුල් යුද්ධයක බිය යළිත් මතු වී තිබේ. පසුගිය වසරේ එල්ල වූ ප්‍රහාර සහ දේශීය නොසන්සුන්තාවන් හේතුවෙන් ඉරාන පාලන තන්ත්‍රය යම්තාක් දුරට දුර්වල වී තිබුණද, ඇමරිකානු අභිලාෂයන්ට සහ ඊශ්‍රායලයට පහර දීමටත්, මිත්‍ර කණ්ඩායම් මෙහෙයවීමටත්, ගෝලීය ආර්ථික කැළඹීමක් ඇති කිරීමටත් අවශ්‍ය විකල්ප තවමත් ඔවුන් සතුව පවතින බව විශේෂඥයෝ පවසති.

ඉරානය මෙය ඔවුන්ගේ පැවැත්ම තීරණය කරන “අවසන් මහා සටන” (Existential War) ලෙස දකින්නේ නම්, ඔවුන් දශක ගණනාවක් තිස්සේ ගොඩනැගූ “අසමමිතික යුද උපක්‍රම” (Asymmetric Warfare) සියල්ල එකවර ක්‍රියාත්මක කරනු ඇතැයි එම විශ්ලේෂකයින් විසින් පෙන්වා දී ඇත.

එවැනි තත්ත්වයකදී ඔවුන්ගේ සූදානම ප්‍රධාන අංශ කිහිපයකින් දැකිය හැකිය:

ඩොනල්ඩ් ට්‍රම්ප්

“ප්‍රතිරෝධයේ අක්ෂය” (Axis of Resistance) උපරිමයෙන් ක්‍රියාත්මක කිරීම

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ඉරානය තනිව සටන් කරනවා වෙනුවට කලාපය පුරා විසිරී සිටින තම මිත්‍ර සන්නද්ධ කණ්ඩායම් සියල්ල එකවර යුද්ධයට අවතීර්ණ කරනු ඇත.

  • ලෙබනනය: හෙස්බුල්ලා සංවිධානය සතු දහස් සංඛ්‍යාත රොකට් ප්‍රහාර මගින් ඊශ්‍රායලය අඩපණ කිරීම.
  • යේමනය: හූති කැරලිකරුවන් ලවා රතු මුහුදේ සහ බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවැත්වීම.  ‘හූති’ (Houthi) කැරලිකරුවන් ද මේ වන විටත් රතු මුහුදේ ඇමරිකානු සහ ඊශ්‍රායල නෞකාවලට ප්‍රහාර එල්ල කරමින් සිය බලය පෙන්වා ඇත.
  • ඉරාකය සහ සිරියාව: ඉරාකයේ සිටින ‘කටායිබ් හෙස්බුල්ලා’ සහ ‘හරකාත් අල්-නුජාබා’ වැනි කණ්ඩායම් සහ සිරියාවේ  සන්නද්ධ කණ්ඩායම් ලවා එම රටවල පිහිටි ඇමරිකානු කඳවුරුවලට දැවැන්ත ගොඩබිම් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම. ඉරාකයේ සහ ලෙබනනයේ සන්නද්ධ කණ්ඩායම් මේ වනවිටත් ඉරානයට සහාය පල කර ඇති අයුරු පෙනේ.
  • හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම (Closing the Strait of Hormuz) – මෙය ඉරානය සතු “ආර්ථික පරමාණු බෝම්බය” ලෙස හැඳින්වේ. ලෝකයේ තෙල් සැපයුමෙන් විශාල කොටසක් ගමන් කරන මෙම පටු මුහුදු තීරය ඉරානය විසින් වසා දැමුවහොත් ලෝක වෙළඳපොලේ තෙල් මිල අදහාගත නොහැකි ලෙස ඉහළ යනු ඇත. ගෝලීය කොටස් වෙළඳපොළවල් කඩා වැටී ලෝක ආර්ථිකය අර්බුදයකට යනු ඇත. ඉරානය මේ සඳහා කුඩා වේගවත් ප්‍රහාරක යාත්‍රා, මුහුදු බෝම්බ සහ වෙරළාශ්‍රිත මිසයිල පද්ධති සූදානම් කර තිබේ.

මිසයිල සහ ඩ්‍රෝන යානා (Missiles and Drones)

මැදපෙරදිග රටවල් කිහිපයක සිටින ඇමරිකානු භට පිරිස් වෙත සහ ඊශ්‍රායලය වෙත එල්ල කළ හැකි දහස් සංඛ්‍යාත මිසයිල සහ ඩ්‍රෝන යානා ඉරානය සතුව ඇතැයි විශ්වාස කෙරේ. ඉරානය සතුව මැදපෙරදිග විශාලතම මිසයිල එකතුව ඔවුන් සතු බව ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති.  ජූනි මාසයේදී ඊශ්‍රායලය එල්ල කළ හදිසි ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරක රැළි  කිහිපයක් එල්ල කළ අතර, එමඟින් ඊශ්‍රායලයේ අයන් ඩෝම්  ගුවන් ආරක්ෂණ පද්ධති පවා අභිබවා ගොස් හානි සිදු කිරීමට සමත් විය.  එමෙන්ම ඇමරිකාවේ යුධ නෞකා    ගනිමින් “නෞකා නාශක” බැලස්ටික් මිසයිල භාවිතා කිරීමේ අවස්ථාවක් ඉරානයට තිබෙන බව පෙනී ගොස් ඇත.

ඉරානයේ ‘ෂාහෙඩ්’ (Shahed) මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා රුසියානු-යුක්රේන යුද්ධයේදී ද සිය විනාශකාරී බලය පෙන්වා ඇත. මීට අමතරව, දකුණු යුරෝපය දක්වා ඉලක්ක වෙත ළඟා විය හැකි කෙටි, මධ්‍යම සහ දිගු දුර බැලස්ටික් මිසයිල වර්ග 20කට වඩා ඉරානය සතුව පවතී.

“අපගේ භටයින් 30,000 සිට 40,000 දක්වා ප්‍රමාණයක් එම කලාපයේ ස්ථාන අටක හෝ නවයක රැඳී සිටිනවා. ඔවුන් සියලු දෙනාම ඉරාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරක සීමාව තුළ සිටින්නේ,” යැයි ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රකාශ කළේය.

ආර්ථික යුද්ධය (Economic Warfare)

ඉරානයට එරෙහි යුද්ධයක් මැදපෙරදිගට පමණක් සීමා නොවී මුළු ලෝකයටම බලපානු ඇතැයි ටෙහෙරානය අනතුරු අඟවා ඇත. ලොව තෙල් ප්‍රවාහනයෙන් පහෙන් එකකට වඩා සිදුවන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමට ඉරානයට හැකියාව ඇත. එවැනි පියවරක් ගෝලීය තෙල් මිල ඉහළ නැංවීමටත්, ගෝලීය ආර්ථික පසුබැස්මකටත් (Global Recession) හේතු විය හැක.

ඉරානය පසුගිය දශක තුන පුරා සිය නාවික බලය සහ සබ්මැරීන් බලඇණිය ශක්තිමත් කර ඇති අතර, වෙරළ තීරයේ භූගත නාවික කඳවුරු පවා ඉදිකර තිබේ. මීට පෙර 1980 දශකයේ ‘නෞකා යුද්ධයේදී’ (Tanker War) මුහුදු බෝම්බ භාවිත කරමින් ඉරානය කළ බලපෑම මෙහිදී ඓතිහාසික උදාහරණයක් ලෙස විද්වතුන් පෙන්වා දෙයි.

සයිබර් ප්‍රහාර සහ රහස්‍ය මෙහෙයුම්

සෘජු යුද්ධයට අමතරව ඉරානය සතුව දියුණු සයිබර් හමුදාවක් සිටී. ඇමරිකාවේ සහ එහි මිත්‍ර රටවල බලශක්ති පද්ධති, බැංකු සහ සන්නිවේදන ජාල අඩපණ කිරීමට ඔවුන් උත්සාහ කරනු ඇත.

ලෝකය පුරා සිටින ඉරාන හිතවාදීන් ලවා බටහිර ඉලක්ක වෙත රහසිගත ප්‍රහාර (Covert Operations) එල්ල කිරීමේ හැකියාව ද ඔවුන් සතුය.

න්‍යෂ්ටික විකල්පය (The Nuclear Wildcard)

බොහෝ ආරක්ෂක විශේෂඥයන් සැක කරන්නේ, ඉරානය සැබෑ ලෙසම අවසන් මහා සටනකට මුහුණ දෙන්නේ නම්, ඔවුන් ඉතා කෙටි කලකින් න්‍යෂ්ටික අවියක් නිපදවීමට හෝ ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් කිරීමට පෙළඹිය හැකි බවයි. මෙය සතුරා පසුබෑමකට ලක් කිරීමේ උපක්‍රමයක් ලෙස ඔවුන් භාවිතා කරනු ඇත.

ඇත්තවශයෙන්ම ඉරානයේ සූදානම පවතින්නේ ඇමරිකාව පරාජය කිරීම මත නොව, “යුද්ධයේ පිරිවැය දරාගත නොහැකි මට්ටමට ඉහළ නැංවීම” මතය. ඇමරිකාවට විශාල භට පිරිසක් අහිමි කිරීම සහ ලෝක ආර්ථිකය බිඳ දැමීම මගින් යුද්ධය නතර කිරීමට බල කිරීම ඔවුන්ගේ මූලික උපායමාර්ගය වනු ඇති බව පෙනී ගොස් තිබේ. (CNN ඇසුරෙනි.)

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි නඩුව ලබන 10 වනදා යළි කැඳවයි!

Next Post

වතු සේවක වැටුප් වැඩිකිරීමට  වැවිලි සමාගම් සහ රජය අද ගිවිසුම්ගත වෙයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.