බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු සීඅයිඒ කාරයාට ඩොලර් ලක්ෂ 65ක් ගෙවීම ගැන තිනියාවල පාලිත හිමි කබ්‍රාල් දැමූ නඩුව තමන්ම ඉවත් කරගනී…

by editor
ජනවාරි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් ගොනුකර තිබූ පෞද්ගලික නඩුව, උන්වහන්සේ විසින්ම ඉල්ලා අස්කර ගෙන තිබේ.

ඒ හේතුවෙන් සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නඩුවෙන් නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය.

තිනියාවල පාලිත හිමියන් මෙම නඩුව පවරා තිබුණේ අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ 2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා ඇමෙරිකානු සී. අයි. ඒ සංවිධානයේ සාමාජිකයකු වන ඉමාඩ් ෂා සබ්රි නමැත්තාට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවීම සම්බන්ධවය.

අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් එවැනි අතිවිශාල මුදලක් ගෙවා ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව වන බැවින් එය ඉතා බරපතළ වරදක් බව පැමිණිලිකාර තිනියාවල පාලිත හිමියන් සිය පැමිණිල්ල මගින් එදා අධිකරණයට පෙන්වා දී තිබිණි.

ඇමෙරිකානු අධිකරණයක් විසින් දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් වරදකරු කර වසර 12ක සිර දඬුවම් නියමකර ඇති තැනැත්තෙකු වන ඉමාඩ් සබ්රි නමැත්තාට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාදුන් මුදලින් සියයට 87ක්ම භාවිත කර ඇත්තේ ඔහුගේ සහ ඔහුගේ බිරිඳගේ අවශ්‍යතා මත බව මේ වනවිට මාධ්‍ය මගින්ද අනාවරණය කර ඇතැයි සිය පැමිණිල්ල මගින් තිනියාවල හාමුදුරුවෝ පෙන්වා දුන්හ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එයට අමතරව අජිත් නිවාඩ් කබ්රාල් රජයට රුපියල් බිලියන 10.2ක අලාභයක් සිදුකළ සුප්‍රකට හෙජින් ගනුදෙනුවටද වගකිව යුතු අයකු බවට රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව ද (කෝප් කමිටුව) මගින්ද නිර්දේශ කර ඇතැයි මෙම නඩුවේ දී පැමිණිලිකාර පාර්ශවය අධිකරණයට පෙන්වා දී තිබිණි.

අද පාලිත හාමුදුරුවෝ නඩුව ඉල්ලා අස්කරගත්හ. නඩුවක් නැති නිසා අජිත් නිවාඩ් කබ්‍රාල් නිදහස් කිරීමට අධිකරණය කටයුතු කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඖෂධ නැති අපේක්ෂා රෝහල මළගෙයක්! එක දවසක් ජීවත් වෙන්න ඖෂධ ඉල්ලා හඬන මිනිස්සුන්ගේ කතාව…

Next Post

අධිකරණයට එන රැඳවියන්යට ලබා දීමට යට ඇඳුමේ දුම්කොළ සඟවාගෙන පැමිණි තරුණයෙක් අත්අඩංගුවට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.